Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ කුසලාන ශූරතාව සඳහා ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අපරාජිතව සුදුසුකම් ලබා සිටියි.
කුසලාන ශූරතා තරග මේ මස 28 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ගල්කිස්ස සාන්ත තෝමස්, කොළඹ ඉසිපතන, කොළඹ රාජකීය, ගල්කිස්ස විද්‍යා විදුහල, මහනුවර ත‍්‍රිත්ව, බම්බලපිටිය ශාන්ත පීතර, වෙස්ලි සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි යන විදුහල් කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටිති.
සාන්ත තෝමස් විදුහල සහ ඉසිපතන විදුහල පළමු වටයේ සහභාගි වූ තරග පහම ජය ලබා පළමු සහ දෙවැනි කොටස්වල පෙරමුණ හිමිකරගත්තේය.
පළමු කොටසේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල ද, දෙවැනි කොටසේදී මහනුවර ධර්මරාජ විදුහල සහ කිංග්ස්වුඞ් විදුහලද, පළඟ ශූරතා තරගාවලියට වැටුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.