අන්තර් ජාතික සිංහ සමාජයට වසර 100 ක් පිරීම නිමිත්තෙන් එම සමාජය, මහරගම ක්‍රීඩා සාමාජය සහ කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමය සමග එක්ව සංවිධානය කරන ස්ටෑන්ඩඞ් පාපැදි තරගය මේ මස 12 වැනිදා (ඉරිදා) තලංගම සිට මහරගම දක්වා පැවැත්වේ.
‘හායි-ලයිෆ්’ ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම පාපැදි තරගය නො.402/2, කඩුවෙල පාර, තලංගම පිහිටි ‘හායි-ලයිෆ්’ ආයතනය අසලින් පෙරවරු 8.30 ට ආරම්භ වේ. අනතුරුව පන්නිපිටිය, තලවතුගොඩ, කිඹුලාවල, බැද්දගාන, ජුබිලි මුරපළ, ඇඹුල්දෙණිය සහ නාවින්න හරහා මහරගමට පැමිණීමෙන් තරගය අවසන් වේ.
වයස 19 ට වැඩි තරගකරුවන්ට මෙම තරගය සඳහා සහභාගි විය හැකි අතර සහභාගිවන්නන් ලියාපදිංචි කිරීම තරගය පැවැත්වෙන දින පෙරවරු 7.00 සිට 8.00 දක්වා තරග ආරම්භක ස්ථානයේදී පැවැත්වේ.
තරගයේ ජයග්‍රාහකයාට රුපියල් 50,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමෙන අතර දෙවැනි ස්ථානය සඳහා රුපියල් 30,000 ක් සහ තෙවැනි ස්ථානය සඳහා රුපියල් 20,000 ක් බැගින් පිරිනැමේ. තවද එහි 20 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.
071-6174164 යන දුරකතන අංකය ඔස්සේ ප්‍රධාන සංවිධායක ජනක පෙරියප්පෙරුම මහතා ඇමතීමෙන් තරගය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකිය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.