
(නාමල් පතිරගේ)
ආර් ස්ටැනිස්ලස් කුසලාන කාලය මැනීමේ පාපැදි තරග මාලාවේ සුපිරි (පිරිමි) තරගයේ ජය යුද හමුදා ක්‍රීඩක නුවන් සමීරට අත් විය. කාන්තා ප්‍රධාන ඉසව්ව ලෙස එහිදී පැවති කනිෂ්ඨ (කාන්තා) ඉසව්වේ ජය හිමිවූයේ සෞම්‍යා අමාලිටය. මෙම කනිෂ්ඨ කාලය මැනීමේ කාන්තා ඉසව්වට සහභාගි වූයේද ඇය පමණි.
අනුරාධපුර දිස්ත්‍රික් පාපැදි සංගමය හා අනුරාධපුරය දීප්ති ක්‍රීඩා සමාජය එක්ව ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවරුන්ගේ සංගමයේ අධීක්ෂණයෙන් මෙම කාලය මැනීමේ පාපැදි තරගාවලිය අනුරාධපුරය ‘තිසාවැව’ අසල ධාවන මාර්ගයකදී පැවැත්වුණි. මෙය වාර්ෂික තරග ඉසව්වක් ලෙස මෙතැන් පටන් පැවැත්වෙන බව එම සංවිධායකයෝ පවසති.
තරග ප්‍රතිඵල
● වයස 16න් පහළ (පිරිමි)
1 තිසරංග බංඩාර ඒකනායක – ස්ටැපනලි ක්‍රී:ස:- (වි.16 ත.27)
2 එස්.ඒ. විරංග දේවේන්ද්‍ර – අ/වේළුසුමන මහා විද්‍යාලය (වි.17 ත.26)
3 එච්.ඒ. ඉඳුවර නිලුපුල් අ/වේළුසුමන මහා විද්‍යාලය (වි.17 ත.34)
● වයස 16න් පහළ (බාළිකා)
1 උමේෂා මධුවන්ති සෙනවිරත්න - අ/වේළුසුමන මහා විද්‍යාලය (වි.22 ත.17)
2 කවීෂා ගිම්හානි අනුරබංධු - අ/වේළුසුමන මහා විද්‍යාලය (වි.22 ත.19)
3 නිමේෂා රංදුනි - අ/වේළුසුමන මහා විද්‍යාලය (වි.22 ත.22)
● කනිෂ්ඨ (කාන්තා)
1 එස්.එම්. සෞම්‍යා අමාලි - ද ප්‍රෙන්ඩ්ස් (වි.20 ත.59)
● කනිෂ්ඨ (පිරිමි)
1 රුවන්සිරි බංඩාර විජේකෝන් - ස්ටැපනලි ක්‍රී.ස. (වි.27 ත.51)
2 එච්.ඒ. මීමනගේ පෙරේරා - වින්ග් විල් ක්‍රී.ස. (වි.29 ත.36)
3 සසංක කවීන් ජයවීර – ටූ වීල් ක්‍රී.ස. (වි.31 ත.57)
● ප්‍රවීන පිරිමි (අවු. 40න් ඉහළ)
1 රංජිත් ගුණරත්න – දීප්ති ක්‍රී.ස. (වි.31 ත.26)
2 නීල් කුමාර – දීප්ති ක්‍රී.ස. (වි.31 ත.59)
3 වෛද්‍ය නිශාන්ත කුලරත්න – ටූ වීල් ක්‍රි.ස. (වි.36 ත.47)
● වයස 23න් පහළ (පිරිමි)
1 ලහිරු කවිෂ්ක – යුධ හමුදාව (ගජබා) (පැ.1 වි.00 ත.34)
2 නිෂාර් අල්තාප් මොහොමඩ් - ස්ටැපනලි ක්‍රී.ස. (පැ.1 වි.01 ත.26)
3 චානක ලක්ෂාන් - යුධ හමුදා (ගජබා) පැ.1 වි.04 ත.41)
● සුපිරි පිරිමි
1 නුවන් සමීර – යුධ හමුදා (ගජබා) වි.56 ත.34
2 රුවන් නාමරත්න – ගුවන් හමුදාව (ශක්ති) වි.59 ත.02
3 ඩබ්. අජිත් කුමාර – සිවිල් ආරක්ෂක (පැ.1 වි.00 ත.33)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.