Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටබ්ස් පළිහ බොක්සිං තරග ඇරඹේ

ස්ටබ්ස් පළිහ බොක්සිං තරග ඇරඹේ

Nisanka Sandeepani - 2017 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය, ආධුනික බොක්සිං සංගමය සමග එක්ව සංවිධානය කරන ‘ස්ටබ්ස් පළිහ’ බොක්සිං තරගාවලිය ඊයේ (7 වැනිදා) කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. 

මෙම තරගාවලිය කාණ්ඩ 3 කින් පැවැත්වෙන අතර එහිදී පාසල් (වයස 13-14 අතර), කනිෂ්ට (වයස 15-16 අතර) සහ යොවුන් (17-18 අතර) යන කාණ්ඩ යටතේ තරග පැවැත්වේ. 

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ පාසල් බොක්සිං තරගාවලියේදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම තරගාවලියට සහභාගිවී සිටිති. 

බාලක අංශයේදී කිලෝ ග්‍රෑම් 33-35, 35-37, 37-39, 39-41, 41-43 සහ 43-45 යන බර පංති 6 යටතේ පාසල් කාණ්ඩයේ ක්‍රීඩකයන් සඳහා තරග පැවැත්වෙන අතර කිලෝ ග්‍රෑම් 44-46, 46-48, 48-50, 50-52 සහ 52-54 යන බර පංති 5 යටතේ කනිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩකයන් සඳහා තරග පැවැත්වේ.

යොවුන් කාණ්ඩයේ ක්‍රීඩකයන් සඳහා තරග පැවැත්වෙන්නේ කිලෝ ග්‍රෑම් 46-49, 49-52, 52-56, 56-60 සහ 60-64 බර පංති 5 යටතේය. 

බාලිකා අංශයේදී කිලෝ ග්‍රෑම් 33-35 බර පංතිය යටතේ පාසල් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් සඳහාද, කිලෝ ග්‍රෑම් 44-46 බර පංතිය යටතේ කනිෂ්ට කාණ්ඩයේ ක්‍රීඩිකාවන් සඳහාද තරග පැවැත්වෙන අතර කිලෝ ග්‍රෑම් 45-48 සහ 48-51 යන බර පංති දෙක යටතේ යොවුන් කාණ්ඩයේ ක්‍රීඩිකාවන් සඳහා තරග පැවැත්වේ. 

මෙහිදී පාසල් කාණ්ඩයේ තරග විනාඩි එකහමාර බැගින් වන වට 3 කින්ද, කනිෂ්ට කාණ්ඩයේ තරග විනාඩි 2 බැගින් වන වට 3 කින්ද සමන්විත වන අතර යොවුන් කාණ්ඩයේ තරග විනාඩි 3 බැගින් වන වට 3 කින් සමන්විත වේ. 

මෙහි සියලු තරග අන්තර් ජාතික ආධුනික බොක්සිං සම්මේලනය හඳුන්වාදුන් නව නීති රීති වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පදක්කම් සහ සහතිකපත් පිරිණැමෙන අතර බාලක ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ස්ටබ්ස් පළිහ හිමිවේ. 

 


අදහස් (0)

ස්ටබ්ස් පළිහ බොක්සිං තරග ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.