Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්කොට්ලන්තය 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

ස්කොට්ලන්තය 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

ශනුක අරවින්ද - 2018 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් ඉසව්වට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ‘බී’ කාණ්ඩය යටතේ අද (6 වැනිදා) පැවැති මූලික වටයේ තරගයකදී ස්කොට්ලන්තය හමුවේ වට 2-1 ක් ලෙස පරාජයට පත්විය.

ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් එම තරගයේ පළමු වටය ලකුණු 21/15 ක් ලෙස ජයගත් ස්කොට්ලන්තය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. දෙවැනි වටයේදී ආක්‍රමණශීලී අයුරින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉන් ලකුණු 21/18 ක ජයක් ලැබුවේ තරගය වට 1-1 ක් සම තත්ත්වයකට පත් කරමිනි.

දෙපිලට තීර්ණාත්මක වූ තෙවැනි වටයේදී දෙපිලම ඉතා දක්ෂ ලෙස තරග වදිමින් මාරුවෙන් මාරුවට ගෝල ලබාගැනීම හේතුවෙන් තරගය ජයග්‍රාහී සීමාවෙන් ඔබ්බටද ඇදගෙන යෑමටද සිදුවිය. කෙසේ වුවත් අවසානයේදී තෙවැනි වටයෙන් ලකුණු 16/14 ක තියුණු ජයක් ලැබූ ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ වට 2-1 ක් ලෙස සමස්ත තරගයේ ජයතමන් සතු කරගත්හ.

මෙම තරගයේදී අසංක ප්‍රදීප් කුමාර සහ මලින්ත යාපා ශ්‍රී ලංකා කණ්ඩායම නියොජ්නය කළ අතර රොබින් බ්‍රොඞ්ස්කි සහ සියේන් කුක් ස්කොට්ලන්ත කණ්ඩායම නියෝජනය කළහ.

‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන මීළඟ තරග දෙක කැනඩාවට එරෙහිව ලබන 7 වැනිදාද, සියේරා ලියෝන් දේශයට එරෙහිව ලබන 9 වැනිදාද පැවැත්වීමට නියමිතය.

ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගය

ස්කොට්ලන්තය විසින් තරග වට 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කරන ලදි. (21/15, 18/21, 16/14)

 

-036

 


අදහස් (0)

ස්කොට්ලන්තය 2-1 කින් ශ්‍රී ලංකාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.