Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාව යටතේ කොළඹ ආනන්ද විදුහලට එරෙහිව ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 43-39 ක තියුණු ජයක් වාර්තා කිරීමට මරදාන සහිරා විදුහල සමත් විය.
සහිරා විදුහල මෙවර (2025) තරගාවලියේ පළඟ වටයේදී ලැබූ පළමු ජයග්‍රහණය මෙය වූ අතර සාන්ත තෝමස් විදුහල මෙවර තරගාවලියේ පළඟ වටයේදී ලැබූ තෙවැනි පරාජයද මෙය විය. තරගයේ වීරයා ලෙස සහිරා විදුහලේ ෆර්හාන් ෆස්ලත් සම්මාන ලැබීය.
ආරම්භයේ සිටම තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 14-14 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ වූහ. එහිදී කණ්ඩායම් දෙකම ගෝල දිනුම් 2 බැගින් වාර්තා කරමින් ලකුණු රැස්කළේය.
දෙවැනි අර්ධය තුළ සහිරා විදුහල ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 ක් මගින් ලකුණු 29 ක් රැස්කරද්දී, ආනන්ද විදුහලට ගෝල දිනුම් 2 ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 25 ක් පමණි. ඒ අනුව තරගයේ ජය සහිරා විදුහල සතුවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.