Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සහාය දිවීමේ කණ්ඩායම බුඩාපෙස්ට් අබියස

සහාය දිවීමේ කණ්ඩායම බුඩාපෙස්ට් අබියස

editorial - 2023 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘පතායා’ නුවර දී නිමාවට පත්වූ 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා මීටර 4x400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම එළඹෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේ ආසන්නයටම පැමිණ සිටියි.

19 වැනි ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය ලබන අගෝස්තු 19 සිට 27 වැනිදා දක්වා හංගේරියාවේ බුඩාපේස්ට් නුවර දී පැවැත්වේ. අනුර දර්ශන, රාජිත රාජකරුණා, පබසර කේෂාන් නිකූ හා කාලිංග කුමාරගේ ගෙන් සමන්විත ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම විනාඩි 3 තත්පර 01.56ක දක්ෂතාවයක් එහිදී ප්‍රදර්ශනය කිරීම වාර්තා වූයේ මෙම වසරේ මෙතෙක් ඉසව්වේ ලෝකයේම දෙවැනි හොඳම නිමි කාලය ලෙසිනි.

ශ්‍රී ලංකාව ‘බුඩාපේස්ට්’ ලෝක තරගාවලියේ අවස්ථාව හිමිකර ගැනීම වසර 2013 මොස්කව් නුවර දී පැවැති තරගාවලියෙන් පසුව මීටර 4x400 (පිරිමි) ඉසව්වෙන් නිර්දේශ ලබා ගන්නා පළමු අවස්ථාව බවට පත්වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් මලල ක්‍රීඩා හිටපු ජාතික දත්ත සටහන්කරු සමන් කුමාර ගුණවර්ධන මහතා ‘ලංකාදීප’ය කළ විමසුමේ දී පැවසුවේ බුඩාපේස්ට් ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ කර ගන්නා මීටර් 4x400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම් 16 අතරින් ශ්‍රී ලංකාව ‘පතායා’ නුවර දී පළ කළ දක්ෂතා හේතුවෙන් මේවනවිට 12 වැනි ස්ථානයේ පසුවන බවයි.

මෙම තත්ත්වය තුළ මේ වනවිට ශ්‍රී ලංකාව එම ඉසව්වෙන් සුදුසුකම් ලබාගැනීමේ ආසන්නයටම ළඟාවී සිටියි. එළඹෙන ජුලි 28-29 යන දිනවල කොළඹ දී පැවැත්වෙන 101 වැනි ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී කේවල ඉසව් හා සහය දිවීමේ ඉසව් ජයග්‍රහණවල දී පිරිනැමෙන ප්‍රසාද ලකුණු ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ කිරීමේ දී එකතු කිරීම ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායමට ලැබෙන අමතර වාසියකි.


අදහස් (0)

සහාය දිවීමේ කණ්ඩායම බුඩාපෙස්ට් අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.