පිළියන්දල මැදි විදුහල සහ හොරණ තක්‍ෂිලා මැදි විදුහල අතර ‘සල්පිටි රයිගම් කෝරළ සටන’ 13 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය මේ මස 24 සහ 25 දෙදින පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර පිළියන්දල මැදි විදුහලේ නායකයා ලෙස තරංග අමිලදරගේ ද, හොරණ තක්‍ෂිලා විදුහලේ නායකයා ලෙස රොෂාන් දුමින්ද සම්පත් ද, කටයුතු කරති.
පිළියන්දල මැදි විදුහල මෙම තරගවාරයේ තරග තරග 15 කට සහභාගි වී තරග තුනකදී පළමු ඉනිමේ ජය ලබා තිබේ. තක්‍ෂිලා මැදි විදුහල තරග 16 කට සහභාගි වී පූර්ණ ජයග‍්‍රහණයක් ලැබීමට සමත්ව සිටියි.
මෙම තරග වාරයේ පාසල් දෙකේ දස්කම් පිළිබදව අවධානය යොමු කිරීමේදී සමබර කණ්ඩායම් දෙකක් අතර තරගයක් ලෙස හැදින්විය හැකි අතර ඒ අනුව තියුණු තරගයක් බලාපොරොත්තු විය හැකිය.
මෙම මහ ක‍්‍රිකට් තරගයේ මේ දක්වා පැවැති තරග 12 යේදී පිළියන්දල මැදි විදුහල ජයග‍්‍රහණ තුනක් ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් අවසන් වී තිබේ.
පිළියන්දල මැදි විදුහලේ පිලේ පුහුණුකරු ලෙස බිමල් අමරසිංහ සහ කණ්ඩායම් බාර ආචාර්වරයා ලෙස පවිත‍්‍ර චතුරංග යන මහත්වරු කටයුතු කරති.
තක්‍ෂිලා මැදි විදුහල් පිලේ පුහුණුකරු සහ කණ්ඩායම් බාර ආචාර්වරයා ලෙස කමල් සුජීව මහතා කටයුතු කරයි.
පිළියන්දල මැදි විදුහල් කනිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය මෙවර තරගයේ සංවිධායකයන් ලෙස කටයුතු කරයි.
පිළියන්දල මැදි විදුහල
තක්‍ෂිලා මැදි විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.