Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සර්ෆරාස්ගේ වීසා දිනෙන් දින පමාවෙයි

සර්ෆරාස්ගේ වීසා දිනෙන් දින පමාවෙයි

editorial - 2021 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු කණ්ඩායම් හිටපු නායක හා ක්වේටා ග්ලැඩියේටර්ස්හි නායක සර්ෆරාස් අහමඩ්ට පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා සංචාරය කිරීම සඳහා වීසා ලබා ගැනීමට නොහැකි වූ බව වාර්තාවේ.

සර්ෆරාස් ඇතුළු තවත් පුද්ගලයින් 10 දෙනෙකුට ලාහෝර් සිට අබුඩාබි බලා සංචාරය කිරිමට අවසර ලබා ගත නොහැකිවී ඇත. කෙසේ වෙතත් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නේන් ඇතුළු පස් දෙනෙකු කරච්චි නුවරින් අබුඩාබි බලා පිටත්ව ගොස් තිබේ.

සර්ෆරාස් අහමඩ් පසුගිය බ්‍රහස්පතින්දා (27 වැනිදා) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා සංචාරය කිරීමේ බලාපොරොත්තුවෙන් ගුවන්තොටුපළ වෙත ගියද එදිනද වීසා ලැබී නොතිබීම හේතුවෙන් ඔහුට නැවත් හෝටලය වෙත යෑමට සිදුවිය.

හිටපු ජාතික කණ්ඩායම් නායකයා අද අලුයම 4.00 ට විශේෂ ගුවන් යානයකින් අබුඩාබි බලා පිටත්ව යාමට සූදානමින් සිටියේය. නමුත් වීසා නොලැබීම හේතුවෙන් සර්ෆරාස් නැවත ගුවන්තොටුපලේ සිට හෝටලයට පැමිණ ඇති අතර අබුඩාබි බලා පිටත්ව යන තෙක් ඔහු නිරෝධායනයේ රැඳී සිටිනු ඇත.

ආරංචි මාර්ග වලට අනුව, ඔහු පසුගිය දින හත තුළ හෝටලයේ නිරෝධායනයෙහි යෙදී සිටින අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා සංචාරය කිරීමට ඇති ගැටළු සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් මණ්ඩල කළමනාකාරිත්වයට ඔහු අප්‍රසාදය පළ කර තිබේ.

අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය විසින් පුද්ගලයන් 16 දෙනෙකුට පාකිස්තානයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පිටත්ව ඒම සඳහා පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය වෙත විශේෂ අවසරයක් ලබා දී තිබුණි. සියලුම ක්‍රීඩකයින් සහ තරග නිලධාරීන්ගේ වීසා සම්බන්ධ ගැටළුව විසඳා ගැනීමට පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් අබුඩාබි ක්‍රීඩා කවුන්සිලය සම්බන්ධ කරගෙන තිබුණි.

සර්ෆ්රාස් අද (30 වැනිදා) රාත්‍රියේ අබුඩාබි බලා පිටත්ව යාමට ඉඩ ඇති බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ වෙතත් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට එක්වන ක්‍රීඩකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දින හතක නිරෝධායන කාලයක් ගත කළ යුතුව ඇත.

- 2079

 


අදහස් (0)

සර්ෆරාස්ගේ වීසා දිනෙන් දින පමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.