කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයෙදී අද (07) ආරම්භ වූ 86 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට නාලන්දා විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 112 ක් රැස්කර සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ආනන්ද විදුහල් නායක සමූ අෂාන් පන්දු 120 කදී හතරේ පහර 17 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 114 ක් රැස් කිරීමට සමත් විය.
නාලන්දා විදුහල කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ආනන්ද විදුහලට ආරාධනා කළේය.
හෙට (08) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ආනන්ද විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 245
(නිසල් ෆ‍්‍රැන්සිස්කෝ 53, සමූ අෂාන් 114, නිපුන් චාමික 24, අයන්ත ද සිල්වා 32/5, මලික් පීරිස් 34/2)
නාලන්දා විදුහල පළමු ඉනිම කඩුලූ 3 ට 112
(සෙනුර පෙරේරා 23, රවීන් දසනායක 53, කවිෂ්ක අංජුල 55/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.