(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)
ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාවය නුවරඑලිය දිස්ත්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සිරි සුමංගල මහා විද්‍යාලය විසින් දිනාගන්නා ලදි. අනුශූරතාවය බදුල්ල දිස්ත්‍රික්කයේ සිරි සුමන විද්‍යාලයට හිමිවිය. ශූරතාවය දිනාගත් නුවරඑලිය නිල්දණ්ඩාහින්න සිරි සුමංගල මහා විද්‍යාලය ලකුණු 42 ක් ලබාගත් අතර, අනුශූරතාවය දිනාගත් බදුල්ල සිරි සුමන මහා විද්‍යාලයට ලකුණු 39 ක් හිමිවීය.
මෙවර ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ තරඟාවලිය රත්නපුර සුමනා බාලිකා විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ. එම තරග සඳහා දිවයිනේ පාසල් 84 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 800ක් පමණ සහභාගි වූහ. මෙම තරගවලියදී පාසල් ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වයස අවුරුදු 13-15 , 15-17, 17-20 වශයෙන් වයස් කාණ්ඩ තුනක් යටතේ තරඟ පැවැත්වුණි.
ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සම්මේලනයත්, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයත් සමඟ එක්ව රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය මෙවර මෙම තරඟාවලිය සංවිධානය කළේය.
සමස්ත බාලක ශූරතාවය බදුල්ල සිරිසුමන මහා විදයාලයටද සමස්ත බාලක අනුශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප්වාස් විදුහලටද හිමිවිය. සමස්ත බාලිකා ශූරතාව නුවරඑලිය නිල්දණ්ඩාහින්න සිරි සුමංගල මහා විද්‍යාලයටද, සමස්ත බාලිකා අනුශූරතාව රත්නපුර ශ්‍රිපාද මධ්‍ය මහා විද්‍යාලයටද හිමිවිය.
තරගාවලියේ ජය සංකේත ශූරතා කුසලාන ප්‍රදානය සහතිකපත්‍ර පිරිනැමීමේ අවස්ථාවට සබරගමු පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතා, හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රී යෙහියා එම් ඉෆ්ලාර් මහතා, රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගාමිණී රාජදාස මහතා, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ උපදේශක තිසුලී මහතා සහ රත්නපුර ටයිකොන්ඩෝ සංගමයේ උපසභාපති මෙන්ම හිටපු රත්නපුර නාගරික මන්ත්‍රී ටිරෝන් අත්තනායක මහතාද එක්ව සිටියහ.
|
|
|
|
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.