Last Update  :  2024-04-27 19:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සමපෝෂ පළාත් පාසල් මලල ක්‍රීඩා තරගමාලාවට සිසුහු 18000 ක්

සමපෝෂ පළාත් පාසල් මලල ක්‍රීඩා තරගමාලාවට සිසුහු 18000 ක්

editorial - 2023 අගෝ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

අන්තර් පළාත් පාසල් සමපෝෂ මලල ක්‍රීඩා උළෙලේ පළමු පියවර පළාත් පහක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ. පසුගිය අඟහරුවාදා (15) මෙම මලල ක්‍රීඩා උළෙල වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් වෙන්නප්පුව ‘ඇල්බට් එෆ්. පීරිස්’ ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

මෙම පළාත් පහෙන් තරගමාලාවට සහභාගි වන සමස්ත සිසු සිසුවියන් ගණන 18000කි. ඔවුහු පාසල් 650ක් නියෝජනය කරති.

වයස 12න් පහළ 14න් පහළ 16න් පහළ, 18න් පහළ හා 20න් පහළ යන ව්‍යාජ කාණ්ඩ පහකින් ඔවුහු මලල ක්‍රීඩා ඉසව් 70කට තරග වදිති.

දිනන දරුවෝ ‘ව්‍යාපෘති යටතේ සමපෝෂ සන්නාමයෙන් ප්ලේන්ටි ෆුඩ්ස් පෞද්ගලික ආයතනය මෙම තරගමාලාව සඳහා අනුග්‍රහය දක්වයි.

 

සමපෝෂ අන්තර් පළාත් පාසල් මලල ක්‍රීඩා තරග මාලාව පැවැත්වෙන ආකාරය.

•  වයඹ:-අගෝස්තු 15 සිට 18 දක්වා වෙන්නප්පුව ශ්‍රීමාත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගනයේ දී.
•  ඌව:- සැප්තැම්බර් 1 සිට 4 දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී.
•  උතුරු මැද:- සැප්තැම්බර් 5 සිට 8 දක්වා අනුරාධපුරය මහජන ක්‍රීඩාංගණයේදී.
•  දකුණු:- සැප්තැමස්බර් 5 සිට 8 දක්වා බෙලිඅත්ත ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී.
• නැගෙනහිර:-සැප්තැම්බර් 19 සිට 23 වැනිදා දක්වා කන්තලේ ලීලාරත්න ක්‍රීඩාංගණයේදී.


අදහස් (0)

සමපෝෂ පළාත් පාසල් මලල ක්‍රීඩා තරගමාලාවට සිසුහු 18000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.