Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපතිගේ පිලේ නායිකාව සත්‍යා

සභාපතිගේ පිලේ නායිකාව සත්‍යා

editorial - 2023 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එක්දින සහ විස්සයි-20 තරගාවලියකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිලේ නායිකාව වශයෙන් සත්‍යා සන්දීපනී තෝරාගනු ලැබ ඇත. මෙම පුහුණු තරගය හෙට (27 වැනිදා) කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වෙයි.

සංචාරක බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග තුන මේ මස 29 වැනිදාත්, මැයි මස 2 සහ 4 දිනවලදීත් කොළඹ පී. සරවනමුත්තු ඕවල් පිටියේදී පැවැත්වෙයි. මෙම තරග තුනම අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පවත්වනු ලබන කාන්තා එක්දින ශූරතාවලියට අයත් තරග තුනකි.

 
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය
සත්‍යා සන්දීපනී (නායිකා), උමේෂා තිමාෂිනී, කෞෂිනී නුත්‍යාංගනා, පියුමි වත්සලා, දෙව්මි විහංගා,  සචිනි නිසංසලා, මධුෂිකා මෙත්තානන්ද, නෙත්මි සේනාරත්න, තාරුකා ෂෙහානි, නිමේධා මධුෂානි, මල්කි මධාරා, අමන්දි විජේසිංහ, සඳුනි නිසංසලා, නිලක්‍ෂණා සඳමිණි සහ නවෝද්‍යා නෙත්මි

 


අදහස් (0)

සභාපතිගේ පිලේ නායිකාව සත්‍යා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.