Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සබුද්ධි සාහිත්‍ය සම්මාන දෙසැම්බර් 2 දා

සබුද්ධි සාහිත්‍ය සම්මාන දෙසැම්බර් 2 දා

editorial - 2022 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබුද්ධි සාහිත්‍ය කවය තෙවැනි වරටත් සංවිධානය කරන ‘‘සබුද්ධි’’ ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල ලබන මස 2 වැනිදා පස්වරු 3.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.  විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය යන ජනසන්නිවේදනයේ ප්‍රධාන ඛාණ්ඩ තුන සඳහා එකවර සම්මාන ප්‍රදානය කෙරෙන මෙරට පැවැත්වෙන එකම සම්මාන ප්‍රදානෝත්සවය මෙයයි.

මෙවර වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා වෙනුවෙන් ප්‍රදානය කෙරෙන “රන්’’ සම්මානය ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට උපහාර පිණිස නම් කිරීමට තීරණය කළ බව සබුද්ධි සාහිත්‍ය කවයේ විධායක අධ්‍යක්‍ෂ මාධ්‍යවේදී සිරිනාම රාජපක්‍ෂ මහතා පවසයි. මෙවර පළමු වතාවට වසරේ හොඳම ප්‍රාදේශීය ක්‍රීඩා වාර්තාකරුවාද නිර්දේශ කරමින් අමතර සම්මානයක් ප්‍රදානය කෙරේ.

වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය, වසරේ ක්‍රීඩා විද්‍යාත්මක කෘතිය, වසරේ ක්‍රීඩා සාහිත්‍ය පර්යේෂණ කෘතිය ඇතුළු ඇගයීමේ සම්මාන රැසක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇත. මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන් ඇගයීමට ලක් කෙරෙන එකම සම්මාන උළෙලත් මෙයයි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සහභාගී වේ. මොබිටෙල් - ටෙලිකොම් සමාගමේ අනුග්‍රහය මෙවරත් සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ලැබී තිබේ.

- 223

 


අදහස් (0)

සබුද්ධි සාහිත්‍ය සම්මාන දෙසැම්බර් 2 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.