Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සඳුන් මෙන්ඩිස් දකුණට ජය ගෙනෙයි

සඳුන් මෙන්ඩිස් දකුණට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රීමා කුසලාන වයස 15 න් පහළ අන්තර් පළාත් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (20 වැනිදා) පැවැති තරගයකදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 216 ක දැවැන්ත ජයක් අත්කරගැනීමට දකුණු පළාත් කණ්ඩායම සමත් විය.

පිත්තෙන් ලකුණු 69 ක් රැස්කරමින් සහ ලකුණු 6 කට කඩුලු 5 ක් දවාගනිමින් දස්කම් දැක්වූ සඳුන් මෙන්ඩිස්, දකුණු පළාත් කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය.

ඊයේ පැවැති සෙසු තරග වලදී අවිෂ්ක තරිඳු (66), දිනේෂ් ජයකොඩි නොදැවී (56), ලසිත වරෙල්ලගම (නොදැවී 85), සී. තනුජන් (55), චමෝද් සඳරු (නොදැවී 59), පවන් රත්නායක (72) සහ තෙවින් අමරසිංහ (76) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


දකුණු පළාත් කණ්ඩායමට ලකුණු 216 ක ජයක්

දකුණු පළාත - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 285
(සඳුන් මෙන්ඩිස් 69, රවිඳු රෂාන්ත 67, නවෝද් පරණවිතාන 66, කල්පන ආදිත්‍ය 29/3, එල්. පරවිගන් 29/2)

නැගෙනහිර පළාත - ඕවර 26.1 කදී සියලු දෙනා දැවී 69
(සඳුන් මෙන්ඩිස් 6/5)


බස්නාහිර පළාත් උතුර (පිටත) කණ්ඩායමට කඩුලු 5 ක ජයක්

බස්නාහිර පළාත් උතුර (පිටත) - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 186  
(අවිෂ්ක තරිඳු 66, ඩයන් පංකජ 23, තනූජ් පෙරේරා 18/3, මෙහොමඞ් මොහිඩි 35/2, ලක්ෂාන් ගමගේ 38/2)
 
බස්නාහිර පළාත් උතුර - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී ලකුණු 187  

(දිනේෂ් ජයකොඩි නොදැවී 56, රවින් ද සිල්වා 39, සඳරුවන් චින්තක 32/2)


මධ්‍යම පළාත් කණ්ඩායමට ලකුණු 134 ක ජයක්

මධ්‍යම පළාත - ඕවර 50 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 262   
(ලසිත වරෙල්ලගම නොදැවී 85, යසිත් රූපසිංහ 48, දුලාජ් බණ්ඩාර 56, රෂේන් අමන්ද 43/2, සචින්ත සන්දීප 40/2)

උතුරු මැද පළාත - ඕවර 33.3 කදී සියුලු දෙනා දැවී ලකුණු 128  
(සහන් සිරිවර්ධන 19/4, නිදුනික විජේතිලක 45/3)


වයඹ පළාත් කණ්ඩායමට කඩුලු 7 ක ජයක්

උතුරු පළාත - ඕවර 34.2 කදී සියලු දෙනා දැවී 108
(සී. තනුජන් 55, ගයන්ත වික්‍රමසිංහ 9/5, කවිඳු රණසිංහ 17/4)

වයඹ පළාත - ඕවර 20.2 කදී කඩුලු 3 ක් දැවී 109
(ගයන්ත වික්‍රමසිංහ 26, මුදිත ප්‍රේමදාස නොදැවී 23, දිල්ෂාන් ප්‍රසාද් නොදැවී 29, ඉයලරසන් 20/2)


බස්නාහිර පළාත් දකුණ (පිටත) කණ්ඩායමට ලකුණු 65 ක ජයක්

බස්නාහිර පළාත් දකුණ (පිටත) - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 254
(මිහිරංග හර්ෂාන් 43, කවිඳු උමයංග 54, දුමිත් ගිම්හාන් 43, ළහිරු මධුසංඛ 26, අවිෂ්ක ලක්ෂාන් නොදැවී 24, ශෂික පෙරේරා 52/3)

බස්නාහිර පළාත් දකුණ - ඕවර 45.3 කදී සියලු දෙනා දැවී 189  
(චමෝද් සඳරු නොදැවී 59, එම්. ඉෂාක් 37, බිනුර ප්‍රනාන්දු 26, ළහිරු මධුසංඛ 24/3, අවිෂ්ක ලක්ෂාන් 33/3)


බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට ලකුණු 59 ක ජයක්

බස්නාහිර පළාත් මධ්‍යම - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 256   
(පවන් රත්නායක 72, ලේෂාන් අමරසිංහ 48, චමත් යටවර 36, ඉඳුවර ජයසිංහ 63/4, චමෝද්‍ය හංසක 34/2, අවීන් පේෂල 41/2)

ඌව පළාත - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 197
(තෙවින් අමරසිංහ 76, සසිඳු මල්ක 41, තෂික නිර්මාල් 31/6)

 


අදහස් (0)

සඳුන් මෙන්ඩිස් දකුණට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.