Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සන්තුෂ් - ශාලිත ශා.පීතරට ජය ගෙනෙති

සන්තුෂ් - ශාලිත ශා.පීතරට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සමත් විය.

කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගාල්ල ඇලවීෂියස් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත පීතර විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ජයග්‍රහණය සඳහා ලකුණු 202 ක ඉලක්කයක් හඹා ගිය ශාන්ත පීතර විදුහල පන්දු 16 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එය ඉලක්කය පසුකර ගියේය. එහිදී සන්තුෂ් ගුණතිලක (62) සහ ශාලිත ප්‍රනාන්දු (නොදැවී 59) අර්ධ ශතක ලබාගනිමින් ශාන්ත පීතර විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියහ.


ඇලවීෂියස් විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 201
(සසිඳු නානායක්කාර නොදැවී 51, සංදීප චමෝද් 39, මනුෂ්ක සමිත් 35, අෂේන් බණ්ඩාර 27, සන්තුෂ් ගුණතිලක 33/3, සචින් සිල්වා 47/2)

ශාන්ත පීතර විදුහල - ඕවර 47.2 කදී කඩුලු 4 ක් දැවී 202
(සන්තුෂ් ගුණතිලක 62, ශාලිත ප්‍රනාන්දු නොදැවී 59, හරීන් බුද්දිල 30/2)

 


අදහස් (0)

සන්තුෂ් - ශාලිත ශා.පීතරට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.