Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සනත්ට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරු තනතුරක්

සනත්ට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරු තනතුරක්

editorial - 2021 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ආසන්නයේ පිහිටි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් හිටපු ශ්‍රී ලංකා නායක සනත් ජයසූරිය මහතා පත්කර තිබේ.

මෙම ක්‍රීඩා සමාජයේ නායකයා වශයෙන් කටයුතු කරන්නේද ශ්‍රී ලංකා පිලේ තවත් හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ය.

ඩිල්ෂාන් පසුගියදා ඉන්දියාවේදී පැවැති ලෙජන්ඩ්ස් ‘රෝඩ් සේෆ්ඩි’ වර්ල්ඩ් සීරිස් තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකයාද විය. එම කණ්ඩායමට ක්‍රීඩා කළ උපුල් තරංගද මීළඟ ඕස්ට්‍රේලියානු ගිම්හානයේදී මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ. දැනටමත් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බොහෝ දෙනා එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරති.

“සනත් කියන්නේ පුරාවෘත්තයක්. ටෙස්ට් තරග 110 ක් ක්‍රීඩා කරලා තියෙන සනත්ගේ හොඳම ඉනිම ලකුණු 340 ක්. එක්දින තරග 445 ක් ක්‍රීඩා කරලා තියෙන ඔහු 1996 ලෝක කුසලාන තරගාවලියේ වීරයායි. ඒ වගේ ක්‍රීඩකයකුගේ සේවය, පුහුණුකරුවෙක් වශයෙන් ලබාගන්න අපි ඉතාමත් කැමැත්තෙන් සිටින්නේ. ඔහුගේ සුවිශාල අත්දැකීම් සම්භාරයත්, දැනුමත් අපේ ජ්‍යෙෂ්ඨ වගේම කනිෂ්ඨ ක්‍රීඩකයන්ටත් බොහෝ උදව් වේවි” යයි මුල්ග්‍රේව් ක්‍රිකට් සමාජය සිය නිල මුහුණුපොතේ සනත් ගැන සටහනක් තබා තිබිණ.

- 213

 


අදහස් (0)

සනත්ට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරු තනතුරක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.