Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නාලන්දා විද්‍යාලයේ ආරම්භක පිතිකරු සදෙව් සමරසිංහ මෙවර පාසල් ක්‍රිකට් වාරයේදී ලකුණු 1000 කඩයිම පසුකළේය. මෙම පාසල් වාරයේදී තරග 13 කට ක්‍රීඩා කළ සදෙව් ඉනිම 20 කදී ලකුණු 1030 ක් ලබාගත්තේ ඉනිමකදී ලකුණු 51.50 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.
ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව ලබාගත් ලකුණු 157 ඔහුගේ හොඳම ඉනිමයි. ඊට අමතරව, කොළඹ වෙස්ලි විද්‍යාලයට (106) සහ කැළණිය ගුරුකුළ විද්‍යාලයට (155) එරෙහිවත් ශතක ලබාගත් සදෙව් සිය ලකුණු 1000 අර්ධ ශතක 5 කින් ද අලංකාර කර තිබේ. පසුගිය සතියේදී නිමාවට පත්වූ සුලෝහිත සංග්‍රාමයේදී ආනන්ද විදුහලට එරෙහිව ලබාගත් ලකුණු 84 ත් සදෙව්ගේ අර්ධ ශතක වලින් එකකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.