Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සත් සාමාජික හොකී තරග හෙට

සත් සාමාජික හොකී තරග හෙට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ ආදී ශාන්ත තෝමස් හොකී සංගමය සංවිධානය කරන ‘තෝමියන්ස්’ සත් සාමාජික පාසල් පිරිමි හොකී තරගාවලිය හෙට (5 වැනිදා) පෙරවරු 7.30 සිට පස්වරු 6.00 දක්වා මාතලේ එඞ්වඞ් උද්‍යාන ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

දිවයිනේ පාසල් කණ්ඩායම් 21 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායම් සහා කුසලාන සහ සහතිකපත් පිරිනැමේ. පසුගිය වසරේ පැවැති තරගාවලියේදී මාතලේ විජය විද්‍යාලය සහ මාතලේ ක‍්‍රිස්තුදේව විද්‍යාලය සම ශූරතා ලැබීය.

මෙම තරගාවලියට ‘රිට්ස්බරි’ නිෂ්පාදකයන් වන සිලෝන් බිස්කට් සමාගම අනුග‍්‍රහය දක්වයි.


තරගාවලියට සහභාගිවන පාසල් කණ්ඩායම්:

ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ රාජකීය, කොළඹ ආනන්ද, කොළඹ නාලන්දා, ඞී.එස්.සේනානායක, මහනුවර ත‍්‍රිත්ව, මහනුවර ධර්මරාජ, මහනුවර කිංග්ස්වුඞ්, මහනුවර ශාන්ත සිල්වෙස්තර, මහනුවර විද්‍යාර්ථ, බදුල්ල ධර්මදුත, මීගමුව මාරිස්ටෙලා, ගම්පහ බණ්ඩාරනායක, යාපනය වඩුක්කොඩෙයි මධ්‍ය මහා විදුහල, ගාල්ල ශා.ඇලවීසියස්, මාතර ශා.තෝමස්, මාතලේ විජය, මාතලේ ක‍්‍රිස්තුදේව, මාතලේ සහිරා සහ මාතලේ ශාන්ත තෝමස් යන විදුහල්


- 090

 


අදහස් (0)

සත් සාමාජික හොකී තරග හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.