බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අවසන් සතිය ගෙවීයන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැකගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහලේ සචින් දල්පදාදු සමත් වී ඇති අතර ඉතුක් සතිය තුළදී ලබාගත් ඡන්ද 2477 ත් සමගින් සිය මුළු ඡුන්ද සංඛ්‍යාව 21084 ක් දක්වා වර්ධනය කරගැනීමටද ඔහු සමත් වී ඇත.
කෙසේ වුවත් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ රැදීසිටින කොළඹ නාලන්දා විදුහලේ මාලිංග අමරසිංහ සහ සචින් දල්පදාදු අතර ඉකුත් සතිය නිමාවන විට තිබූ ඡන්ද 4769 පරතරය, මේ වන විට 2510 දක්වා අඩු වී තිබේ. ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 4736 ත් සමග දැන් මාලිංග අමරසිංහගේ මුළු ඡන්ද සංඛ්‍යාව මේ වන විට 18574 කි.
ඒ අනුව කූපන්පත් භාරගැනීම ලබන බ‍්‍රහස්පතින්දා (11 වැනිදා) දක්වා සිදුකෙරෙන බැවින් ඡන්ද සටහනේ පළමු ස්ථානයේ වෙනසක් වීමට පවා ඉඩකඩ තිබේ.කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ අරවින්ද අකුරුගොඩ ඡන්ද 4935 ක් සහ පානදුර රාජකීය විද්‍යාලයේ හිමේෂ් රංගනාත් ඡන්ද 2251 ක් බැගින් ලබාගෙන පිළිවෙළින් සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථානවල පසුවෙති.
ගාල්ල විද්‍යාලෝක විදුහලේ නිපුන් මාලිංග ඡන්ද 2537 ක් ලබා නැගී එන කාණ්ඩයේ පෙරමුණගෙන ඇති අතර එහි දෙවැනි ස්ථානය ඡන්ද 852 ක් ලබා සිටින මීගමුව ශාන්ත පීතර විදුහලේ උදිත් දිල්සරට හිමි වී තිබේ.
ඉකුත් සතිය තුළදී නිපුන් මාලිංග ඡන්ද 153 ක් ලබාගෙන තිබුණද, උදිත් දිල්සර එම සතිය තුළදී ලබාගෙන ඇත්තේ ඡන්ද 39 ක් පමණි.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සහන් තෙන්නකෝන් ඉකුත් සතිය තුළදී ලබාගත් ඡන්ද 766 සමග සිය මුළු ඡන්ද සංඛ්‍යාව 3470 ක් දක්වා වර්ධනය කරගෙන තවදුරටත් අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ පෙරමුණ රැකගැනීමට සමත් වී ඇත.
ඇලීතියා ජාත්‍යන්තර පාසලේ ශිම්රාස් ශාහිල් ඡන්ද 2207 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර ඉකුත් සතිය තුළදී ඔහු ඡුන්ද 307 ක් ලබාගෙන තිබේ.
මෙම තරගයට අදාළ කූපන් පත් විජය පුවත්පත් අයතනයේ, දිනපතා ‘ලංකාදීප’ සහ ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්තයේ පළවන ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත් වලද පළවේ. ඒ අනුව තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන බ‍්‍රහස්පතින්දා (11 වැනිදා) දක්වා පාඨකයන්ට අවස්ථාව ලැබේ
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සචින් දල්පදාදු | කොළඹ ශාන්ත පීතර විදුහල | 21,084 |
| මාලිංග අමරසිංහ | කොළඹ නාලන්දා විදුහල | 18,574 |
| අරවින්ද අකුරුගොඩ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 4,935 |
| හිමේෂ රංගනාත් | පානදුර රාජකීය විදුහල | 2,251 |
| පැතුම් මධුෂංක | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 1,561 |
| රන්දේව් පතිරණ | කොළඹ රාජකීය විදුහල | 1,549 |
| ලක්ෂිණ රුද්‍රිගූ | කොළඹ ශාන්ත පීතර විදුහල | 1,094 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 916 |
| ශෙහාන් වීරසිංහ | මරදාන සහිරා විදුහල | 848 |
| තිමිර ජයසිංහ | කොළඹ තර්ස්ටන් විදුහල | 723 |
| හරිත් සමරසිංහ | කොළඹ රාජකීය විදුහල | 655 |
| රවීන් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 638 |
| සචිඳු කොළඹගේ | මීගමුව මාරිස්ටෙලා විදුහල | 636 |
| වනිඳු හසරංග | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 420 |
| දිනේත් නවෝද්‍ය | කොළඹ ශාන්ත පීතර විදුහල | 311 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| නිපුන් මාලිංග | ගාල්ල විද්‍යාලෝක විදුහල | 2,537 |
| උදිත් දිල්සර | මීගමුව ශාන්ත පීතර විදුහල | 852 |
| අචින්ත උෂාන් | ගාල්ල විද්‍යාලෝක විදුහල | 11 |
| අන්තර් ජාතික පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| සහන් තෙන්නකෝන් | පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල | 3,470 |
| ශිම්රාස් ශාහිල් | ඇලීතියා ජාත්‍යන්තර පාසල | 2,207 |
| ශෂික රත්නතිලක | නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල |
54 |
කුසපත් එවන පාඨකයන් වෙනුවෙන් පවත්වන තරගයේ ඉකුත් සතියේ ජයග‍්‍රහකයෝ
1 සේනාධි චන්ද්‍රසේකර, 162/බී, මහවිහාර පාර, මොල්ලිගොඩ, වාද්දුව
2 නතාෂා වොර්තිංටන්, සී-7 ජී-2, සොයිසාපුර නිවාස සංකීර්ණය, මොරටුව
3 පී. ආටිගල, වාසනා බේක් හවුස්, ඇලපාත
4 එලිසබෙත් මේදර්, 92- 1/8, පාර්ක් වෙස්ට් නිවාස සංකීර්ණය, ලෙයාඞ්ස් පාර, කොළඹ 5
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.