Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සචින්ගේ ශතකයෙන් ශා. පීතර පෙරමුණට

සචින්ගේ ශතකයෙන් ශා. පීතර පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර කොළඹ පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (6) ආරම්භ වූ ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ 81 වැනි වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට ශාන්ත පීතර විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 215 ක් රැස්කර සිටියේය.

කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් ශාන්ත ජෝශප් විදුහල් පළමු ඉනිම ලකුණු 167 කට සීමා විය.

ශාන්ත පීතර විදුහල ලකුණු 85 කට කඩුලූ 7 ක් දැවී අසීරු තත්ත්වයකට වැටී සිටියදී සචින් දල්පදාදු (නොදැවී 104) සහ තනීෂ වීරකෝන් (නොදැවී 30) 8 වැනි කඩුල්ලට ලකුණු 130 නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ.
හෙට (07) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.  

 


ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම  ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී 167
(සදරුවන් රොද්‍රිගු 38, නිපුන් සුමනසිරි 21, මල්ෂාන් රොද්‍රිගු නොදැවී 22, මනිල්ක ද සිල්වා 33/3, තනීෂ වීරකෝන් 49/4)

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම  ඕවර 45 කදී කඩුලූ 7 ට 215
(සචින් දල්පදාදු නොදැවී 104, තනීෂ වීරකෝන් නොදැවී 30, අරවින්ද අකුරුගොඩ 47/3, රුචිර ඒකනායක 42/3)

 


අදහස් (0)

සචින්ගේ ශතකයෙන් ශා. පීතර පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.