ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ ජාත්‍යන්තර කණිෂ්ට ගොල්ෆ් ශූරතාවලියේ කේවල රන් කාණ්ඩයේ බාලක ශූරතාව දිනා ගැනීමට පාකිස්තානයේ මොහොමඞ් සකීබ්ට අද (1) හැකියාව ලැබිණ. රන් කාණ්ඩයේම බාලිකා ශූරතාව ශ්‍රී ලංකාවේ ටානියා බාලසූරිය දිනා ගත්තාය. එච්.එස්.බී.සී බැංකුවේ අනුග්‍රහයෙන් මෙම තරගාවලිය අද කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී ආරම්භ විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගි වූ නායක විනෝද් වීරසිංහට රන් කාණ්ඩයේ අනුශූරතාවයෙන් සෑහීමට පත්වන්නට සිදුවූ අතර ශ්‍රී ලංකාවේම ආමන්ට් ෆ්ලෙමර් කල්දේරා තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
රන් කාණ්ඩයේම බාලිකා ශූරතාව ටානියා බාලසූරිය දිනා ගනිද්දී, ඉන්දියාවේ අර්ෂියා මහන්ට් අනුශූරතාවය දිනා ගත්තාය. ශ්‍රී ලංකාවේ කයිලා පෙරේරා එම අංශයේම තෙවැනි ස්ථානයට පත්වූවාය.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුලු ඉන්දියාව, පාකිස්තානය, මැලේසියාව සහ තායිලන්තය යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110 ක් පමණ සහභාගි වූහ. එසේම කිලිනොච්චිය සහ අනුරාධපුරය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරිපත් වූයේ පළමු වතාවටවීම විශේෂත්වයකි. තරගාවලියේ දෙවැනි දිනය වන හෙට (2) දිනයේදී කණ්ඩායම් තරග පැවැත්වීමට නියමිතය.
තරග ප්‍රතිඵල
රන් කාණ්ඩය බාලක (වයස 15-18 වැඩි)
■ ශූරතාව - මොහොමඞ් සකීබ් (පකිස්තානය) - ලකුණු 68
■ අනුශූරතාව - විනෝද් වීරසිංහ (ශ්‍රී ලංකාව) - ලකුණු 70
■ තෙවැනි ස්ථානය - ආමන්ඞ් ෆ්ලේමර් කල්දේරා - ලකුණු
රන් කාණ්ඩය බාලිකා (වයස 15-18 වැඩි)
■ ශූරතාව - ටානියා බාලසූරිය (ශ්‍රී ලංකාව) - ලකුණු 69
■ අනුශූරතාව - අර්ෂියා මහන්ට් (ඉන්දියාව) - ලකුණු 77
■ තෙවැනි ස්ථානය - කයිලා පෙරේරා (ශ්‍රී ලංකාව) - ලකුණු 79
රිදී කාණ්ඩය බාලක (වයස 12-14 වැඩි)
■ ශූරතාව - නිරේක් ටෙජ්වානි - ලකුණු 74
■ අනුශූරතාව - හරූන් අස්ලාම් - ලකුණු 75
■ තෙවැනි ස්ථානය - යනික් කුමාර - ලකුණු 76
රිදී කාණ්ඩය බාලිකා (වයස 12-14 වැඩි)
■ ශූරතාව - කුෂී හෝදා (ඉන්දියාව) - ලකුණු 80
■ අනුශූරතාව - ශෙරීන් බාලසූරීය (ශ්‍රී ලංකාව) - ලකුණු 87
■ තෙවැනි ස්ථානය - අරිකා වික්‍රමසිංහ (ශ්‍රී ලංකාව) - ලකුණු 92
ලෝකඩ කාණ්ඩය බාලක සහ බාලිකා (වයස 10-11 වැඩි)
■ ශූරතාව - ශනාල් බිනුක්ෂ - ලකුණු 63
■ අනුශූරතාව - හරිත් අනික් බින් නිසාම් - ලකුණු 66
■ තෙවැනි ස්ථානය - රෙෂාන් අල්ගම - ලකුණු 66
තඹ කාණ්ඩය බාලක සහ බාලිකා (වයස 9 සහ 9 වැඩි)
■ ශූරතාව - කයා දලුවත්ත - ලකුණු 42
■ අනුශූරතාව - රවීන්ද්‍ර සමරසේකර - ලකුණු 43
■ තෙවැනි ස්ථානය - ක්වාන් ටෙවානි - ලකුණු 43
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.