Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංගක්කාරගේ සමාජ සත්කාර

සංගක්කාරගේ සමාජ සත්කාර

Nisanka Sandeepani - 2018 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ තණතීරු සකස් කිරීමේ නිරතව සිටි මාග්‍රට් මහත්මියගේ ඇසේ පවතින රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට ආධාර කිරීමට කුමාර් සංගක්කාර ඉදිරිපත් වී සිටී. 

“මගේ ඇස්වල ශල්‍යකර්මයක් කරන්න තියෙනවා. මම ඒක සංගක්කාර මහත්තයාට කිව්වා. ඔහු මට කිව්වා ඒක කරන්න උදව් කරනවා කියලා” යැයි මාර්ග්‍රට් මහත්මිය පැවසුවාය. 

“සංගක්කාර මහත්තයා මාව හොඳට හඳුනනවා. මම එන්.සී.සී. එකෙන් අයින් වුණාට පස්සෙ අවුරුදු ගාණකට පස්සේ සංගක්කාර මහත්තයාව අද දැක්කේ. ඔහු මට උදව් කරලත් තියෙනවා. ඒ වගේම ඉස්සර මම ඒ මහත්තයා වෙනුවෙන් තලවිල පල්ලියට බාර වෙලත් තියෙනවා” යයිද ඇය පැවසුවාය. 

කොළඹ නාලන්දා විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී අද (28) ආරම්භ වූ ‘මහේල - සංගා අභියෝග කුසලාන’ පළමු ක්‍රිකට් තරගයේ සමාරම්භක උත්සවයට සහභාගි වී කුමාර් සංගක්කාර නැවත ක්‍රීඩාගාරය වෙත පියමං කරද්දී මාග්‍රට් මහත්මිය ඔහු ඇමතුවාය. සංගක්කාර මහතා ඒ අවස්ථාවේදී ක්‍රීඩාංගණයේ කෙටි යකඩ වැටට බර වී ඇය සමඟ කථා බහේ නිරත වූයේ වඩාත් සමීප ස්වරූපයෙනි. 

සංගක්කාර මහතාගේ පූර්ණ කාලීන ක්‍රීඩා සමාජය වන කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ වසර 13 ක් පමණ සේවය කළ මාග්‍රට් මහත්මිය වසර අවුරුදු 70 ක කාන්තාවකි. 


(ඡායාරූප: ළහිරු හර්ෂණ) 
    

 


අදහස් (0)

සංගක්කාරගේ සමාජ සත්කාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.