එංගලන්ත ප‍්‍රාන්ත ක‍්‍රිකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ ග්ලැමෝගන් ප‍්‍රාන්ත පිල අතර කාඩිෆ්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය. සරේ ප‍්‍රාන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 563 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවීය.
සරේ පිලේ අංක තුන පිතිකරු වූ කුමාර් සංගක්කාර පන්දු 230 කදී හතරේ පහර 21 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 149 ක් රැස්කිරීමට සමත් විය. මෙම ශතකය 37 හැවිරිදි සංගක්කාරගේ 51 වැනි පළමු පෙළ ශතකය වේ.
කුමාර් සංගක්කාර (149) සහ ස්ටීවන් ඬේවිස් (200) සිවුවැනි කඩුල්ලට 294 ක සම්බන්ධතාවක් පවත්වමින් සරේ පිල ප‍්‍රබල තත්ත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
සරේ ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - කඩුලූ 7 ට 563
(රෝයි බූර්න්ස් 50, ශෆාර් අන්සාරි 48, කුමාර් සංගක්කාර 149, ස්ටීවන් ඬේවිස් නොදැවී 200, ඇන්ඩි කාටර් 110/4)
ග්ලැමෝගන් ප‍්‍රාන්ත පිල පළමු ඉනිම - කඩුලූ 2 ට 136
(ජැක් රූඩොල්ෆ් 69, විලියම් බ‍්‍රැග් නොදැවී 25, කොලින් ඉන්ග‍්‍රම් නොදැවී 19)
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.