සමස්ත ලංකා පාසල් ත්‍රෝබෝල් තරගාවලියේ වයස් සීමා දෙකක ශූරතා දිනා ගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවෝ සමත් වූහ. මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගනයේ පැවති අදාළ තරගාවලියේ වයස අවු 17න් පහළ සහ අවු 20න් පහළ බාලිකා අංශයේ ශූරතා දෙකම සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකාවන්ට හිමිවිය.
බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කුරුවිට මහ විදුහලේ ඩබ්.ඩී.එස්.එම්. අබේරත්න සම්මාන ලැබූ අතර කොළඹ සිරිමාවෝ බාලිකා විදුහලේ අෂිනි මදුරංගි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
තරග ප්‍රතිඵල
වයස අවු 17න් පහළ බාලක
■ ශූරතාව - වැල්ලවාය ජේ.එම්.කුමාරදාස මහ විදුහල
■ අනු ශූරතාව - කුරුවිට එරත්න මහ විදුහල
■ 3 වැනි ස්ථානය - කෑගල්ල කෑගලු විදුහල
වයස අවු 20 න් පහළ බාලක
■ ශූරතාව - කුරුවිට මැදි මහ විදුහල
■ අනු ශූරතාව - හොරණ ශ්‍රීපාලී විදුහල
■ 3 වැනි ස්ථානය - යාපනය යුනියන් විදුහල
වයස අවු 17න් පහළ බාලිකා
■ ශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
■ අනු ශූරතාව - මාතර තෙලිජ්ජවිල මහ විදුහල
■ 3 වැනි ස්ථානය - වැල්ලවාය ජේ.එම්.කුමාරදාස මහ විදුහල
වයස අවු 20 න් පහළ බාලිකා
■ ශූරතාව - කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල
■ අනු ශූරතාව - යාපනය යුනියන් විදුහල
■ 3 වැනි ස්ථානය - කෑගල්ල ශා ජෝශප් විදුහල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.