Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරිකුරුසයට මුල් ඉනිමේ ජය

සිරිකුරුසයට මුල් ඉනිමේ ජය

ශනුක අරවින්ද - 2017 ජන මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හොරණ තක්ෂිලා විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර හොරණදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.

කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට (108) ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර හොරණ තක්ෂිලා විදුහලේ අශාන් සම්පත් (66 සහ 58) ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබාගත්තේය.

හොරණ තක්ෂිලා විදුහල පළමු ඉනිම - ඕවර 67.4 කදී සියලු දෙනා දැවී 206
(අශාන් සම්පත් 66, සංඛ ප්‍රභාත් 54, කළණ හරේන්ද්‍ර 34/3, පසිඳු පෙරේරා 25/2)

කළුතර සිරිකුරුස විදුහල පළමු ඉනිම - ඕවර 61.2 කදී කඩුලු 8 ක් දැවී 354
(ළහිරු තඹවිට 108, විහඟ ගුණරත්න 49, ඉයන් ඬේවින් 57, මලිඳු ජයෝද් 45, අෂේන් චාමික 55/2, තිලක් තරින්ද 67/2)

හොරණ තක්ෂිලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 68 කදී සියලු දෙනා දැවී 224
(අශාන් සම්පත් 58, සංඛ ප්‍රභාත් 33, චමිඳු රවිඳු 33, සඳුන් රංග 28, පසිඳු පෙරේරා 56/5, විහඟ ගුණරත්න 38/2, අවිෂ්ක පෙරේරා 64/2)

-036

 


අදහස් (0)

සිරිකුරුසයට මුල් ඉනිමේ ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.