කළුතර සිරිකුරුස විදුහල සහ පානදුර රාජකීය විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට කළුතර සිරිකුරුස විදුහල සමත් විය.
සිරිකුරුස විදුහල වෙනුවෙන් කවිඳු උමයංග නොදැවී ලකුණු 79 ලබාගත් අතර රුතිල අකලංක ලකුණු 33 කට කඩුලු 5 ක් දවාගත්තේය.
	
	සිරිකුරුස විදුහල පළමු ඉනිම - ඕවර 23 කදී සියලු දෙනා දැවී 83
	(විහඟ ඉඳුෂාන් 21, ප්‍රෂාන් කල්හාර 26/3, ප්‍රසන්න පුෂ්පකුමාර 27/3)
	රාජකීය විදුහල විදුහල පළමු ඉනිම - ඕවර 26.4 කදී සියලු දෙනා දැවී 73
	(ප්‍රසන්න පුෂ්පකුමාර 15, රුතිල අකලංක 33/5, විහඟ ඉඳුෂාන් 26/3, දිල්හාර කුමාර 14/2)
	සිරිකුරුස විදුහල දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 3 ක් දැවී 136
	(කවිඳු උමයංග නොදැවී 79, ෂෙරෝන් ලක්ෂිත 48)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.