Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිවුවැනි එක්දින තරගය දිනයක් පසු පසට

සිවුවැනි එක්දින තරගය දිනයක් පසු පසට

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා පිල අතර ලබන නොවැම්බර් මස තුන්වැනි සතියේදී ආරම්භ වන එක්දින තරග හතකින් සමන්විත තරගාවලියේ සිවුවැනි තරගය දෙසැම්බර් 7 වැනිදාට මාරුකර තිබේ.  සිවුවැනි තරගය දෙසැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එදින උදුවප් පොහොය දිනය වීම නිසා තරගය 7 වැනිදාට මාරු කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.
 
එක්දින තරගාවලියේ පළමු තරගය නොවැම්බර් මස 26 වැනිදා කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දිවා රාත‍්‍රී තරගයක් ලෙස පැවැත්වේ.මෙම තරගාවලියේ තරග හතෙන් තරග 4 ක් දිවා/රාත‍්‍රී තරග ලෙස පැවැත්වේ.

මෙහිදී නියමිත දිනයේ තරගය පැවැත්වීමට නොහැකි වුහොත් තරග පහකට අතිරේක දිනය බැගින් ලබාදී ඇති අතර සිවුවැනි සහ හත්වැනි තරගයට අතිරේක දින හිමිව නොමැත.

මෙම තරගාවලියට පුහුණු එක්දින තරග දෙකක් ද ඇතුළත් වේ.

තරග කාලසටහන

  • නොවැ. 21 - එංගලන්තය සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පළමු පුහුණු තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී.
  • නොවැ. 23 - එංගලන්තය සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර දෙවැනි පුහුණු තරගය පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී.
  • නොවැ. 26 - පළමු එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)
  • නොවැ. 27 - අතිරේක දිනය
  • නොවැ. 29 - දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (දිවා)
  • නොවැ. 30 - අතිරේක දිනය
  • දෙසැ. 03 - තෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)
  • දෙසැ. 04 - අතිරේක දිනය
  • දෙසැ. 07 - සිවුවැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (දිවා)
  • දෙසැ. 10 - පස්වැනි එක්දින තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)
  • දෙසැ. 11 - අතිරේක දිනය
  • දෙසැ. 13 - හයවැනි එක්දින තරගය පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී (දිවා)
  • දෙසැ. 14 - අතිරේක දිනය
  • දෙසැ. 16 - හත්වැනි එක්දින තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (දිවා/රාත‍්‍රී)

-048


අදහස් (0)

සිවුවැනි එක්දින තරගය දිනයක් පසු පසට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.