විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ‘බී’ කාණ්ඩයේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ සිම්බාබ්වේ අතර සිල්හිට් ක්‍රීඩාංගණයේදී අද (21) පැවැති තරගයෙන් සිම්බාබ්වේ පිල කඩුලූ 5 ක ජයක් ලැබීය.
සිම්බාබ්වේ පිල ලකුණු 117 ක ජයග්රාහි ඉලක්කය ඕවර 13.4 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කර මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පදිංචිව සිටින සංදීප් සිල්වා මෙහිදී නොදැවී ලකුණු 13 ක් රැස් කළ අතර මංජුල ගුරුගේ කඩුලූ දෙකක් දවා ගත්තේය.
එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 116 (කුරාම් ඛාන් 26, ස්වප්නිල් පටිල් 30, සංදීප් සිල්වා නොදැවී 13, කම්රාන් ශෂාඞ් 21, ටී. චටර 21/2, එස්. විලියම්ස් 15/3, සීකන්ඩර් රාෂා 15/2)
සිම්බාබ්වේ පිල ඕවර 13.4 කදී කඩුලූ 5 ට 118 (බ්‍රෙන්ඩන් ටේලර් 15, විසි සිබන්ඩා 16, එල්ටන් චිකුම්බුරා නොදැවී 53, ටිමෙසි මරුමා නොදැවී 22, මංජුල ගුරුගේ 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.