Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉකුත් සෙනසුරාදා (12) අවසන් වූ සිය ධූරයේ කොන්ත්‍රාත් සේවා කාලය නැවැත දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කරමින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාට පෙරේදා (14) ලිපියක් යොමු කර තිබේ.
වසර 2023 ජූලි 13 වැනිදා සිට පසුගිය සෙනසුරාදා දක්වා වසරක් බැගින් වන සේවා කාල දෙකක් ධූරයේ සම්පූර්ණ කළ ෂේමාල් ප්‍රනාන්දු මහතා තවත් සේවා දිගුවක් අපේක්ෂා කරමින් පෙරේදා එම ලිපිය ක්‍රීඩා ඇමැතිවරයාට යොමු කර තිබේ.
ක්‍රීඩා සංවර්ධනය දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධූරය පිරවීම කැබිනට් මණ්ඩලයට විෂය භාර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරෙන (කැබිනට්) පත්‍රිකාවක් මගින් සිදු කෙරේ.
ඒ අනුව ෂේමාල් ප්‍රනාන්දු මහතා ඒ සදහා නිර්දේශ කිරීම වසර 2023 ජූලි 10 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සිදු කර තිබේ.නිලයේ නිල කාල සීමාව උපරිම සිවු වසරක් ලෙස දැක්වේ.
මේ අතර සෙනසුරාදා සිට හිස්ව පවතින ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධූරය පිරවීම සදහා කැබිනට් පත්‍රිකාවක් අද (15) පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීමට ක්‍රීඩා ඇමැතිවරයා විසින් ඉදිරිපත් කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේවූවත් ඒ සදහා යළිත් ෂේමාල් ප්‍රනාන්දු මහතා පත් කරන්නේද යන්න පිළිබදව පෙරේදා වන තෙක් ක්‍රීඩා ඇමැතිවරයා අදහස් දැක්වීමක් කර නොතිබුණි.සිය දෙවැනි කොන්ත්‍රාත් සේවා කාලය පසු ගිය ජූලි 12 වැනිදා නිමා කිරීමේදී ප්‍රනාන්දු මහතා ක්‍රීඩා ඇමැතිවරුන් පස් දෙනකු යටතේ සේවය කර ඇත.
ඒ වත්මන් ක්‍රීඩා ඇමැතිවරයා හැරෙන්නට රොෂාන් රණසිංහ, හරීන් ප්‍රනාන්දු, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය යටතේය.රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ පසුගිය වසරේ අගෝස්තු 15 සිට සැප්තැම්බර් 23 දක්වා ඉතා කෙටි කලක් ක්‍රීඩා අමාත්‍ය ධූරයේ වැඩ බැලීය.
ෂේමාල් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල්වරයෙකු වන අතර දක්ෂතම ක්‍රීඩා විද්‍යාර්ථකවරයා ලෙස 2017 - 18 යන වසර වලදී ජනාධිපති සම්මානය දිනා තිබේ.ක්‍රීඩා විෂය කේෂ්ත්‍රයේ ආචාර්ය උපාධියක් ලබා ගත් පළමු ශ්‍රී ලාංකිකයායි.ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම්වරයෙකි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.