Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 188 ක් පිටු පසින්

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 188 ක් පිටු පසින්

Dilrukshi - 2015 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක පාකිස්තානු ‘ඒ’ පිල සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (2) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 3 ක් දැවී ලකුණු 119 ක් රැස්කර සිටියේය.

ශ‍්‍රී ලංකා පිල ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 307 ක් රැස්කළ යුතු අතර කඩුලූ 7 ක් අතැතිව සිටින ශ‍්‍රී ලංකා පිල තවත් ලකුණු 188 ක් පසු පසින් සිටියේය.

තෙවැනි දිනයේ ක‍්‍රීඩාව අවසන් කරන විට කිත්රුවන් විතානගේ (නොදැවී 15) සහ අෂාන් ප‍්‍රියංජන් (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ.

ආබාධයකට ලක්වුව ද ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා පන්දුවට පහර දීමට සූදානමින් සිටියි.

දකුණතින් වේග පන්දු යවන ෂශාඞ් අසාම් යැවූ පන්දුව නිදැල්ලේ හැරීමට මාධව වර්ණපුර ගත් උත්සහයේදී පිත්තේ වැදුණු පන්දුව කඩුලූ රකින ක‍්‍රීඩක අද්නන් අක්මාල් උඩ පන්දුවක් ලෙස රැක ගැනීමෙන් ලකුණු 8 කට දැවී ගියේය. මාධව පළමු ඉනිමේදී ද පන්දුව නිදැල්ලේ හැරීමට ගොස් කෙළිම්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

උදාර ජයසුන්දර පන්දු 105 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් රැුස්කරමින් දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ආරම්භක පිතිකරුවන් වන උදාර ජයසුන්දර සහ ධනංජය ද සිල්වා ලකුණු 88 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ධනංජය ද සිල්වා පන්දු 75 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 37 ක් ලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.

පාකිස්තානු ‘ඒ’ පිල පළමු ඉනිම කඩුලූ 8 ක් දැවී ලකුණු 580 ක් රැුස්කර සිටියදී අත්හිටුවීය. පාකිස්තානු පිල ඉනිම අත්හිටුවීමත් සමග තෙවැනි දිනයේ තේ ව්වේකය විනාඩි 29 තිබියදී ලබා ගැනීමට විනිසුරුවෝ තීරණය කළහ.

ෂාන් මසූඞ් පන්දු 357 කදී හතරේ පහර 26 ක් සමගින් ලකුණු 182 ක් රැස් කිරීමට සමත් විය. මසූඞ් මෙම ඉනිමේදී පැය 8 ටයි විනාඩි 20 ක් පන්දුවට පහර දී තිබුණි.

ෂාන් මසූඞ් සහ අලි අසාඞ් පස්වැනි කඩුල්ලට ලකුණු 124 ක සම්බන්ධතාවක් පවත්වමින් තව දුරටත් ඉදිරියෙන් තැබීමට සමත් වූහ.
ළහිරු ගමගේ ශ‍්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුණු 112 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.

ෂාන් මසූඞ් ලකුණු 145 යේම සිටියදී ළහිරු ගමගේ යැවූ දිනයේ පස්වැනි පන්දුවට ලබාදුන් උඩ පන්දුව ද කඩුලූ රකින කුසල් පෙරේරා වෙතින් ගිලිහි ගිය අතර මෙය කුසල් වෙතින් ගිලිහි ගිය මසූඞ්ගේ තෙවැනි අවස්ථාව වේ.

එම උඩපන්දුව ගිලිහි යෑමත් සමඟ කුසල් ආබායකට ලක්ව පිටියෙන් ඉවත් වූ අතර කිත්රුවන් විතානගේ කඩුලූ රකින්නා ලෙස කටයුතු කළේය.

දෙවැනි දිනය අවසන් වන විට පාකිස්තානු ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 377 ක් රැස්කරමින් ලකුණු 104 ක් ඉදිරියෙන් සිටියේය.

අද (23) තරගයේ සිවුවැනි සහ අවසන් දිනයයි.

ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම  ඕවර 74 කදී සියලූ දෙනා දැවී 273

(ධනංජය ද සිල්වා 13, මාධව වර්ණපුර 14, කිත්රුවන් විතානගේ 48, කුසල් පෙරේරා 90, නිසල තාරක 76, දුෂ්මන්ත චමීර නොදැවී 12, තබීෂ් ඛාන් 65/2, ෂශාඞ් අසාම් 54/3, ෆාවාඞ් අලාම් 40/4)

පාකිස්තාන් ‘ඒ’ පිල පළමු ඉනිම

කුරාම් මන්සූර් - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ළහිරු ගමගේ     13
ෂාන් මසූඞ් - ඇ. ධනංජය ද සිල්වා ප. අෂාන් ප‍්‍රියංජන්     182
උමාර් අමීන් - ඇ. අෂාන් ප‍්‍රියංජන් ප. ළහිරු ගමගේ     127
උස්මන් සලාවුද්දීන් - ක. මූ. කළා උදාර ජයසුන්දර    36
ෆාවාඞ් අලාම් - ක. මූ. කළා ප. ළහිරු ගමගේ    12
අලි අසාඞ් - ඇ. කිත්රුවන් විතානගේ ප. නිසල තාරක      89
අද්නන් අක්මාල් - නොදැවී    54
ෂශාඞ් අසාම් - ඇ. අසේල ගුණරත්න ප. ළහිරු ගමගේ     21
සියා උල් හක් - ඇ. රොෂේන් සිල්වා ප. දුෂ්මන්ත චමීර     16
අතිරේක    30

එකතුව  ඕවර 149.3 කදී කඩුලූ 8 ක් දැවී     580

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ:

මීර් හම්සා, තබීෂ් ඛාන්

කඩුලූ වැටීම:

1-20(කුරාම් මන්සූර්), 2-224(උමාර් අමීන්), 3-292(උස්මන් සලාවුද්දීන්), 4-315(ෆාවාඞ් අලාම), 5-439(ෂාන් මෂූඞ්), 6-499(අලි අසාඞ), 7-545(ෂශාඞ් අසාම්), 8-580(සියා උල් හක්)

පන්දු යැවීම:

ළහිරු ගමගේ: 30-7-112-4, දුෂ්මන්ත චමීර: 23.3-3-88-1, නිසල තාරක: 20-2-70-1, මාලින්ද පුෂ්පකුමාර: 35-4-118-0, ධනංජය ද සිල්වා: 21-0-102-0, අෂාන් ප‍්‍රියංජන්: 18-1-69-1, උදාර ජයසුන්දර: 2-0-9-1

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල දෙවැනි ඉනිම

උදාර ජයසුන්දර - ඇ. අද්නන් අක්මාල් ප. ෂශාඞ් අසාම්    56
ධනංජය ද සිල්වා - ක. මූ. කළා ප. තබීෂ් ඛාන්     37
මාධව වර්ණපුර - ඇ. අද්නන් අක්මාල් ප. ෂශාඞ් අසාම්    8
කිත්රුවන් විතානගේ - නොදැවී     15
අෂාන් ප‍්‍රියංජන් - නොදැවී     0
අතිරේක    3
එකතුව  ඕවර 40 කදී කඩුලූ 3 ක් දැවී     119

පන්දුවට පහර දීමට සිටින පිතිකරුවෝ:

කුසල් පෙරේරා, අසේල ගුණරත්න, නිසල තාරක, මාලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, ළහිරු ගමගේ

කඩුලූ වැටීම:

1-88(ධනංජය ද සිල්වා), 2-101(උදාර ජයසුන්දර), 3-112(මාධව වර්ණපුර)

පන්දු යැවීම:

තබීෂ් ඛාන්: 11-2-39-1, සියා උල් හක්: 9-1-36-0, මීර් හම්සා: 8-1-19-0, ෂශාඞ් අසාම්: 8-1-12-2, ෆාවාඞ් අලාම්: 4-1-12-0

 

 

 

 


අදහස් (0)

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 188 ක් පිටු පසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.