Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ‍්‍රී ලංකා ස්කොෂ් පිල ආසියානු ශූරතාවලියට යයි

ශ‍්‍රී ලංකා ස්කොෂ් පිල ආසියානු ශූරතාවලියට යයි

editorial - 2021 නොවැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

හෙට (30 වැනිදා) සිට දෙසැම්බර් මස (4 වැනිදා) දක්වා මැලේසියාවේදී පැවැත්වෙන 20 වැනි ආසියානු කණ්ඩායම් ස්කොෂ් ශූරතාවලියට සහභාගිවන ශ‍්‍රී ලංකා ස්කොෂ් කණ්ඩායම ඉකුත්දා දිවයිනෙන් පිටත්ව ගියේය.  

එහිදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉසව් 13 කට සහභාගිවන අතර කාන්තා කණ්ඩායම ඉසව් 8 කට සහභාගි වීමට නියමිතය. රවිඳු ලක්සිරි, ෂමිල් වකීල්, මෙත්මල් වුඞ් සහ ෂෙරිෆ් හකීම් ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජනය කරන අතර ෆාතූම් ඉසඞීන්, යෙහෙනි කුරුප්පු, චනිත්මා සිනාලි සහ දෙව්මිණි ගාල්ලගේ කාන්තා කණ්ඩායම නියෝජනය කරති.  

කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස ගිහාන් සුවාරිස් සහ නඳුනි ගුණවර්ධන කටයුතු කරන අතර ඔවුන් දෙදෙනාම හිටපු අංක එකේ ස්කොෂ් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් දෙදෙනකු මෙන්ම ලෝක ස්කොෂ් සම්මේලනයේ සුදුසුකම් ලත් පුහුණුකරුවෝද වෙති. ශාරීරික යෝග්‍යතා විශේෂඥයෙකු වන අශාන් ගම්ලත් මහතා කණ්ඩායමේ ශාරීරික උපදේශක ලෙස කටයුතු කරයි. 

 


අදහස් (0)

ශ‍්‍රී ලංකා ස්කොෂ් පිල ආසියානු ශූරතාවලියට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.