Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරග මාලාවේ තෙවැනි සහ අවසන් අදියර ලෙස චීනයේ බීජිං නුවරදී පැවැති ‘බීජීං සෙවන්ස්’ සත් සාමාජික රග්බි තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිල සිවුවැනි ස්ථානයට පත්විය.
ශ‍්‍රී ලංකාව මේ වසරේ සහභාගි වූ අදියර තුනේදීම සහ ආසියානු ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානයෙන් ඉහළට පැමිණීමට අසමත් විය.
තෙවැනි ස්ථානය සදහා පැවැති තරගයේදී ජපානය හමුවේ ලකුණු 24-19 කින් ශ‍්‍රී ලංකාව පරාජයට පත්විය. තරගාවලියේ ශූරතාව හොං කොං පිල දිනාගත් අතර දකුණු කොරියාවට අනු ශූරතාව හිමිවිය.
කුසලාන ශූරතා අවසන් පූර්ව තරගයේදී ශ‍්‍රී ලංකා පිල ශූරයන් වූ හොං කොං පිල හමුවේ ලකුණු 28-0 කින් පරාජයට පත්විය. මෙම අදියර තුනේදීම ශ‍්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේදී හොං කොං හමුවේ පරාජය වීම කැපී පෙනේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ පළමු වටයේ තරග දෙකේදී කසකස්තානය ලකුණු 31-12 කින් සහ මැලේසියාව 26-10 කින් පරාජය කළහ. ශ‍්‍රී ලංකා පිල අර්ධ අවසන් පූර්ව තරගයේදී පිලිපීනය ලකුණු 22-22 කින් ද, පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා පිලේ නායකයා ලෙස මිතුන් හපුගොඩ කටයුතු කළ අතර පළමු අදියර දෙකේම නායකයා ලෙස කටයුතු කළ ෆාෂීල් මරීජා පෞද්ගලික හේතුවක් යැයි පවසා තරගාවලියෙන් ඉවත් විය.
ප‍්‍රබල ක‍්‍රීඩකයන් වන ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර සහ අනුරුද්ධ විල්ලර ආබාධයන් හේතුවෙන් මෙම තරගාවලියට සහභාගි නොවූහ.
මෙම තරගාවලියට සමගාමීව පැවැති කාන්තා සත් සාමාජික තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා කාන්තා පිල පළග අනු ශූරතාව හිමිකර ගත්තේය. කෙසේ වෙතත් මෙම කණ්ඩායම දෙවැනි අදියරේ පළග ශූරතාව දිනූ කණ්ඩායම වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.