ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන සෙන්-නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේදී තවත් ජයග‍්‍රහණ 2 ක් වාර්තා කිරීමට ශ‍්‍රී ලංකා මේසපන්දු කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත්වූහ.
අද (30 වැනිදා) උදෑසන පැවැති තරගයකදී ලැට්වියාව හමුවේ තරග 3-1 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූ අතර දහවල් පැවැති තරගයකදී අයිස්ලන්තය හමුවේ තරග 3-0 ක් ලෙස ජය ලැබීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සමත්විය.
කාන්තා තරගයේදී කණ්ඩායම් නායිකා ඉෂාරා මදුරංගි තරග 2 ක්ද, හංසනී පියුමිලා එක් තරගයක්ද ජයගත් අතර එරන්දි වරුසවිතාන එක් තරගයක් පරාජයට පත්විය.
පිරිමි කණ්ඩායම නියෝජනය කළ රොහාන් සිරිසේන, උදය රණසිංහ සහ ඉන්දික ප‍්‍රසාද් යක කී‍්‍රඩකායෝ තිදෙනාම තමන් සහභාගීවූ තරග වලින් ජය ලැබූහ.
අද සවස පැවැත්වෙන තවත් තරගයකදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම යේමනයට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.