Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ‍්‍රී ලංකා - චීන තායිපේ තරගය හෙට

ශ‍්‍රී ලංකා - චීන තායිපේ තරගය හෙට

සංජය එරමුදුගොඩ - 2015 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

සිංගප්පූරුවේදී දැන් පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ රග්බි තරගාවලියේ ශ‍්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන තෙවැනි සහ අවසන් තරගය චීන තායිපේ පිලට එරෙහිව හෙට (19) පැවැත්වේ.

තරගාවලියට සහභාගි වී සිටින ඔමල්ක ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් රග්බි පිල මෙම තරගාවලියේ පළමු තරගයේදී ලකුණු 27-12 කින් සත්කාරක සිංගප්පූරු පිල පරාජය කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල දෙවැනි තරගයේදී ලකුණු 13-24 ක් ලෙස හොං කොං පිල හමුවේ පරාජයට පත්විය. මෙම තරගාවලියේ ජය ලබන කණ්ඩායමට සිම්බාබ්වේහි හරාරේ නුවරදී පැවැත්වෙන යොවුන් රග්බි ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාවේ.

 


අදහස් (0)

ශ‍්‍රී ලංකා - චීන තායිපේ තරගය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.