පිං පොං මේසපන්දු සංගමය සංවිධානය කළ සමස්ත ලංකා පෞද්ගලික - රජයේ ආධාර ලබන - ජාත්‍යන්තර පාසල් මේසපන්දු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස බෝපිටිය ලොයෙලා විදුහලේ සිතුම් නිරංගද, දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර හිල්වුඞ් විදුහලේ බිමන්දි බණ්ඩාරද සම්මාන දිනා ගත්හ.
වයස 15 න් පහළ බාලක අවසන් මහ තරගයේදී මහනුවර ත්‍රිත්ව විදුහලේ අබ්දුල්ලා මන්සිල් පරාජය කළ සිතුම් නිරංග, වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ශානක සමරසේන පරාජය කරමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.
තනුෂි රොද්‍රිගූ දක්ෂතම ක්‍රීඩිකාව බට පත් වූයේ වයස 12 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ෆාත්මාත් ධීමා අලී සහ වයස 15 න් පහළ බාලිකා අවසන් මහ තරගයේදී ගම්පහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ නෙත්මි හෙට්ටිආරච්චි පරාජය කරමිනි.
ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස් ආයතනයේ අනුග්‍රහයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියේ ප්‍රධාන අරාධිතා ලෙස එම ආයතනයේ අලෙවිකරණ කලමණාකාර සම්පත් ද සිල්වා මහතා සහභාගි විය.
බාලක තරග ප්‍රතිඵල
සිතුම් නිරංග ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස් ආයතනයේ අලෙවිකරණ කලමනාකාර සම්පත් ද සිල්වා මහතා අතින් සම්මාන ලබාගත් අයුරු...
|
ඉෂාන් ෆලීල් (කොළඹ වෙස්ලි විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ප්‍රවීන් කෞෂල්‍ය (කොළඹ ශාන්ත ජෝෂප් විදුහල) පරාජය කරන ලදි. (11/03, 11/02)
ශයිෆියුල්ලා අක්රම් (මහනුවර අල් හුධා ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස දෙවිම්ත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/03, 11/08)
මහිත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස සනුත් ජයසුමන (ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/07, 13/15, 11/05)
සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස අබ්දුල්ලා මන්සිල් (මහනුවර ත්‍රිත්ව විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05)
සිතුම් නිරංග (බෝපිටිය ලොයෙලා විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ශානක සමරසේන (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/04, 06/11, 11/05)
අන්නාන් මන්සිල් (මහනුවර ත්‍රිත්ව විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ප්‍රදීප් ලක්මාල් (කොළඹ ශාන්ත පීතර විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/09)
බාලිකා තරග ප්‍රතිඵල
බිමන්දි බණ්ඩාර ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස් ආයතනයේ අලෙවිකරණ කලමනාකාර සම්පත් ද සිල්වා මහතා අතින් සම්මාන ලබාගත් අයුරු...
|
මේකල්‍යා ප්‍රනාන්දු (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ටෂ්මි කැටකුඹුර (මහනුවර හයපත් එඩේරාගේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/08, 11/08)
ෆාත්මාත් ධීමා අලී (රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සිත්මි සේයා (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/05)
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස ෆාත්මාත් ධීමා අලී (රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (09/11, 11/05, 11/06)
බිමන්දි බණ්ඩාර (මහනුවර හිල්වුඞ් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස නෙත්මි හෙට්ටිආරච්චි (ගම්පහ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය) පරාජය කරන ලදි. (11/04, 11/04)
රනුදි මුතුකුඩආරච්චි (කොළඹ මියුසියස් විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස බුවනි රත්නායක (මාතර ශාන්ත මරියා කන්‍යාරාමය) පරාජය කරන ලදි. (13/11, 11/09)
අයරින් දේවචන්ද්ර (කොළඹ කාන්තා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස මිනාලි සිරිවර්ධන (කොළඹ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.