Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශූරතාව හංවැල්ල රාජසිංහ විදුහලට

ශූරතාව හංවැල්ල රාජසිංහ විදුහලට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ III වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට හංවැල්ල රාජසිංහ විදුහල සමත්විය. ඒ අනුව ඔවුන් ලබන වසරේදී II කාණ්ඩය යටතේ තරග වදිනු ඇත.

කොළඹ වෙළඳ සේවා කි‍්‍රකට් සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී මොණරාගල රාජකීය විදුහල පරදවා ලකුණු 100 ක පහසු ජයක් වාර්තා කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කීහ.

ලකුණු 205 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය මොණරාගල රාජකීය විදුහලට  ඕවර 37.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණූ 104 ක් පමණි.

එහිදී කවීෂ රන්දිම, ලකුණු 19 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

කාසියේ වාසිය දිනූ මොණරාගල රාජකීය විදුහල් පිලේ ආරාධනයෙන් පලමුවෙන් පන්දුවට පහරදුන් හංවැල්ල රාජසිංහ විදුහල, නියමිත ඕවර 50 අවසානයේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 204 ක් ලබාගත්තේය. පන්දු 69 කින් හයේ පහර 2 ක් සහ හතරේ පහර 10 ක් සමගින් ලකුණු 71 ක් රැස්කළ ගිහාන් හර්ෂණ තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය. කණ්ඩායමේ 8 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි අයන්ත ශවින්ද පන්දු 80 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 63 ක් රැස්කිරීමට සමත්විය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග‍්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කළේය.

හංවැල්ල රාජසිංහ විදුහල -  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 204
(ගිහාන් හර්ෂණ 71, අයන්ත ශවින්ද 63, පසිඳු කවින්ද්‍ර 26/3, රනුල මිලින්ද 41/2, රසික සඳරුවන් 48/2)

මොණරාගල රාජකීය විදුහල -  ඕවර 37.2 කදී සියලූ දෙනා දැවී 104
(ශකිල බණ්ඩාර 26, කවීෂ රන්දිම 19/4, හේෂාන් රන්දික 15/3, හසිඳු නෙත්සර 24/2)

 

හංවැල්ල රාජසිංහ විදුහල


අදහස් (1)

ශූරතාව හංවැල්ල රාජසිංහ විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.