Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ දිස්ත‍්‍රික් ක‍්‍රිකට් විනිසුරු සංගමය සංවිධානය කළ වයස 15 න් පහළ ගම්පහ දිස්ත‍්‍රික් අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය අතර වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගය වර්ෂාව නිසා විසඳුමකින් තොරව අවසන්විය. තරගාවලියේ නීතිරීතිවලට අනුව ප‍්‍රසාද ලකුණු මත කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලයට ශූරතාව පිරිනැමිණ.
අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගුරුකුල විද්‍යාලයීය කණ්ඩායම සියලූ දෙනා දැවී ලකුණු 152 ක් ලැබීය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායම ඕවර 10 කදී කිසිවකු නොදැවී ලකුණු 19 ක් ලබා සිටියදී වර්ෂාව ඇදහැලීම නිසා තරගය අත්හිටුවීය.
අවසන් මහ තරගයේ වීරයා ලෙස කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ සසිත් හිරුදික ද, තරගාවලියේ වීරයා ලෙස එම විදුහලේම ෂෙහාන් ලක්ෂාන් ද සම්මාන ලැබුහ.
අවසන් පූර්ව වටයේදී කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය විසින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය ද, කැලණිය ගුරුකුල විදුහල විසින් මීගමුව මාරිස්ටෙලා විදුහල ද පරාජය කරන ලදහ.
ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පාසල් කණ්ඩායම් 42 ක සහභාගීත්වයෙන් තරගාවලිය පැවැත්විණ.
කැලණිය ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම ඕවර 48.1 කදී 152
(චතුමිණ ජනිත් 28, කෙමිර නයනතරු 25, සසිත් හිරුදික 39/3, දුමිදු නිශාන් 16/2)
කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලය ඕවර 10 කදී කිසිවකු නොදැවී 19
ශූරතාව දිනාගත් කිරිඳිවැල මධ්‍ය මහ විද්‍යාලයීය කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.