ජපානයේ ටෝකියෝ නුවර මේ දින වල පැවැත්වෙන සෙන්-නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, මේ වන විට තමන් සහභාගී වූ තරග 3 න් එක් තරගයක් ජය ගැනීමට සමත්වී තිබේ.
ජපානයේ යොයෝගි ජාතික කී‍්‍රඩාංගණයේදී සහ මෙට්‍රොපොලිටන් කී‍්‍රඩාංගණයේදී පෙරේදා සහ ඊයේ (28 සහ 29) පැවති තරග වලදී එස්ටෝනියාව හමුවේ තරග වට 3-2 ක් වශයෙන් සහ ඉරානය හමුවේත් තරග වට 3-0 ක් වශයෙන් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවෝ තමන් ලද පළමු ජය ඇල්ජීරියාව හමුවේ වාර්තා කළහ. ඒ තරග වට 3-0 ක් ලෙසිනි.
ඉශාරා මධුරංගි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය දරන අතර එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ චමත්සරා ප‍්‍රනාන්දු යන කී‍්‍රඩිකාවෝද ඊට ඇතුළත්වෙති.
ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායම ඊයේ දිනයේදී ටෝගෝ කණ්ඩායම හමුවේ තරග වට 3-1 ක් ලෙස පරාජයට පත්වූ අතර අද දිනයේදී කරිගිස්තානය සමග තරග වැදීමට නියමිතය.
රොහාන් සිරිසේන ශී‍්‍ර ලංකා පිරිමි කණ්ඩායමේ නායකත්වය දරන අතර උදය රණසිංහ සහ ඉන්දික ප‍්‍රසාද් යන ක‍්‍රීඩකයන්ද ඊට ඇතුළත්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.