Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 9 ක ජයක්

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 9 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක කෙන්යානු ජාතික ක‍්‍රිකට් පිලට එරෙහිව පැවැත්වෙන තරග හතකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (31 වැනිදා) පෙරවරුවේ පැවැති තරගයෙන් කඩුලූ 9 ක පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකා ‘ඒ’ පිල තරග 4-0 ක් ලෙස කල්තබාම තරගාවලිය ජයගත්තේය.

ශ‍්‍රී ලංකා ‘ඒ’ පිල ලකුණු 100 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 13.5 කදී එක කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය.

කුසල් ජනිත් පිට පිටම දෙවැනි අර්ධ ශතකය ලෙස පන්දු 43 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 54 ක් රැුස්කිරීමට සමත් විය.

නායක දිනේෂ් චන්දිමාල් පන්දු 32 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස් කළේය.

එක්දින කණ්ඩායමේ ස්ථානය අහිමිව මෙම තරගයේදී කැ`දවීම් ලැබූ උපුල් තරංග ලකුණු 6 කට දැවී ගියේය.

කෙන්යානු පිලේ වැඩිම ලකුණු ලාභියා වූ මොරිස් ඔයුමා (28) දවා ගැනීමට ලෝන්  ඕෆ් හි පන්දු රකිමින් සිටි ඉසුරු උදාන රැකගත් විශිෂ්ට උඩපන්දුව කැපී පෙනුණි. එහිදී ඉසුරු හයේ පහර වැලැක්වීමට ක‍්‍රීඩාංගණය ඇතුළට යොමුකළ පන්දුවට නැවතත් උඩ පන්දුවක් ලෙස රැකගත්තේය.

රමිත රඹුක්වැල්ල (12/2) සහ ළහිරු ජයරත්න (22/2) කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

ඩුබායිහිදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගී වන කෙන්යානු පිල එම තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙස මෙම තරගාවලියට සහභාගි වෙයි.


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.