Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේ ”කත්මන්ඩු” නුවරදී ලබන සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වන ‘සාෆ්’ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් 2 වැනිදා මාලදිවයිනට එරෙහිව පැවැත්වේ. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ ”බී” කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත් සෙසු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය හා භූතානයයි.
‘ඒ’ කාණ්ඩයට සත්කාරක නේපාලය ඇතුළුව ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශය ඇතුළත් වෙති. මෙවර තරගාවලියේ තරග කාල සටහන අද (30 වැනිදා) ප‍්‍රකාශයට පත්කෙරිණ.
තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම බ‍්‍රසීල ජාතික පාපන්දු පුහුණුකරුවන් යටතේ පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලබන අගෝස්තු 10 වැනිදා තායිලන්තයේ පුහුණු සංචාරයකට සහභාගිවීමට නියමිතය.
එහිදී ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායම තායිලන්ත යොවුන් පාපන්දු කණ්ඩායම සමග පුහුණු තරග කීපයකටද සහභාගි වන අතර බ‍්‍රසීල පුහුණුකරුවන්ගේ ඉල්ලීමකට අනුව තායිලන්ත සංචාරය සූදානම් කෙරෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.
වසර 2011 නවදිල්ලි නුවරදී පැවැති සාෆ් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේදීම පරාජයට පත්විය. එහිදී භූතානයට එරෙහිව ගෝල 3x0ක ජයක් ලද ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ගෝල 3.0ක පරාජයක්ද ඇෆ්ගනිස්තානයට එරෙහිව ගෝල 3.1ක පරාජයක්ද ලැබීය. එවර ශූරතාව ඉන්දියාව දිනා ගත්තේ ඇෆ්ගනිස්තානය ගෝල 4.0 කට පරාජය කරමිනි.
සාෆ් පාපන්දු ශූරතාවලිය පැවැත්වෙන ආකාරය කත්මන්ඩු නුවර ”දශ්රාන්” ජාතික ක‍්‍රීඩාංගණයේදී තරග පැවැත්වේ. පළමු තරගය පස්වරු 3.15ටද දෙවැනි තරගය පස්වරු 6.15ටද ආරම්භවේ.
සැප්තැම්බර් 1: . ඉන්දියාව . පාකිස්තානය අතර නේපාලය බංග්ලාදේශය අතර
සැප්තැම්බර් 2:. ඇෆ්ගනිස්තානය . භූතානය අතර මාලදිවයින . ශ්‍රී ලංකාව අතර
සැප්තැම්බර් 3:. පාකිස්තානය . නේපාලය අතර බංග්ලාදේශය . ඉන්දියාව අතර
සැප්තැම්බර් 4:. භූතාන . මාලදිවයින අතර ඇෆ්ගනිස්තානය . ශ්‍රී ලංකාව අතර
සැප්තැම්බර් 5:. නේපාලය . ඉන්දියාව අතර බංග්ලාදේශය පාකිස්තානය අතර
සැප්තැම්බර් 6:. ඇෆ්ගනිස්තානය . මාලදිවයින අතර ශ්‍රී ලංකාව . භූතානය අතර
සැප්තැම්බර් 8:. අවසන් පූර්ව තරග
සැප්තැම්බර් 11:. අවසන් මහ තරගය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.