ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන සෙන්- නෝ 2014 ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ පළමු වටය නිමාවන විට ජයග‍්‍රහණ 5 ක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා මේසපන්දු පිල සමත්විය. ඉන් ජයග‍්‍රහණ 3 ක් පිරිමි කණ්ඩායම සතුවූ අතර 2 ක් කාන්තා කණ්ඩායම සතුවිය.
සිව්වැනි කාණ්ඩයේ ‘එම්’ අනු කාණ්ඩය යටතේ තරග වැදුනු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම (ලෝක ශ්‍රේණිගත කිරීම් වල 73 වැනි ස්ථානයේ පසුවේ) කිරිගිස්තානය (104), අයිස්ලන්තය (88) සහ මොරොක්කෝව (99) හමුවේ ජය වාර්තා කළ අතර යේමනය (85) සහ ටෝගෝ රාජ්‍ය (102) හමුවේ පරජයට පත්විය.
ඒ අනුව රොහාන් සිරිසේන, උදය රණසිංහ සහ ඉන්දික ප‍්‍රසාද් යන කී‍්‍රඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 8 ක් ලබාගනිමින් ‘එම්’ අනු කාණ්ඩයේ 3 වැනි ස්ථානයට පත්විය.
තෙවැනි කාණ්ඩයේ ‘කේ’ අනු කාණ්ඩයෙන් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම (ලෝක ශ්‍රේණිගත කිරීම් අතරේ 63 වැනි ස්ථානයේ පසුවේ) ඇල්ජීරියාව (76) සහ ලැට්වියාව (73) හමුවේ ජය වාර්තා කළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ එස්ටෝනියාව (50), ඉරානය (53) සහ ඉක්වදෝරය (61) හමුවේ පරජයට පත්වූහ.
ඒ අනුව ඉෂාරා මදුරංගි, එරන්දි වරුසවිතාන, හංසනී පියුමිලා සහ චමත්සර ප්‍රනාන්දු යන කී‍්‍රඩිකාවන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූයේ ‘කේ’ අනු කාණ්ඩයේ 3 වැනි ස්ථානයයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.