ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර බංග්ලාදේශයේ සිලාත් නුවරදී අද (24 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලන තරගයේදී ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ලකුණු 129 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකිවූයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 106 ක් පමණි. ආරම්භක පිතිකාරිනි චමරි අතපත්තු පන්දු 44 කින් ලකුණු 43 ක් ලබාගත් අතර එෂානි ලොකුසූරිය පන්දු 29 කින් ලකුණු 39 ක් ලබාගත්තාය.
ශී‍්‍ර ලංකා කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලූ 8 ට 128
(චමරි අතපත්තු 43, යශෝධා මෙන්ඩිස් 13, එෂානි ලොකුසූරිය 34, චමරි පොල්ගම්පොළ 13, පූනම් යාදව් 20/2)
ඉන්දීය කාන්තා කණ්ඩායම - ඕවර 20 කදී කඩුලූ 9 ට 106
(මිතාලි රාජ් 16, ජූලාන් ගෝස්වාමි 11, හර්මන්පී‍්‍රත් කවුර් 17, සික්කා පාණ්ඬේ 22, මධුරි සමුදිකා 20/2, ඉනෝකා රණවීර 18/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.