ඩේවිඩ් රිචඩ්සන් මහතා,
ප‍්‍රධාන විධායක නිලධාරි,
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව,
69 වීදිය, එමිරේට්ස් පාර,
ඩුබායි ක‍්‍රීඩා නගරය,
තැ.පෙ. 5000 070
එක්සත් අරාබි එමීර් රාජ්‍යය
පි‍්‍රය මහත්මයාණෙනි,
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මාධ්‍ය නිවේදනය පිළිබඳව
2015 අපේ‍්‍රල් 16 වැනි දින පැවැත් වූ කමිටු රැස්වීමෙන් පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් නිකුත් කරන ලද පුවත් පත් නිවේදනය හා සම්බන්ධවයි.
2015 අපේ‍්‍රල් 16 වැනි දින පැවැත් වූ කමිටු රැස්වීමේදී පහත සඳහන් කරුණු නොසලකා ගත් හදිසි තීරණය ගැන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මහත් සේ පුදුමයට පත්ය සිටී. ඊට හේතු කිහිපයකි.
1. ඡන්ද විමසීමක් පවත්වන තෙක් අත-ුරු කමිටුවක් පත් කිරීමට තුඩු දුන් හේතු ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් 2015 අපේ‍්‍රල් 2 වැනි දින අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට දැනුම් දී තිබුණද වැඩි තොරතුරු හෝ පැහැදිලි කිරීම් කිසිවක් ගැන ඉල්ලීමක් නොමැතිව, පාලක මණ්ඩලයේ රැස්වීමට පෙර ගත වූ සති දෙකක කාලය තුළ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සමග කිසිම සන්නිවේදනයක් හෝ නොපැවැත්වීම.
2. විධායක කමිටු රැස්වීමට නියෝජිතයකු සහභාගි කරවන ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දීමෙන් පසු ඒ සඳහා කි‍්‍රකට් අතුරු කමිටුවේ සාමාජිකයකු වන නුස්කි මොහොමඞ් මහතාගේ නම ඉදිරිපත් කළ විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් එය පිළිගනු ලැබීම.
3. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කමිටු රැුස්විමට සහභාගි වන පූර්ණ සාමාජිකයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව විසින් ප‍්‍රකාශ කිරීමේ දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නියෝජිතයා ලෙස නුස්කි මොහොමඞ් මහතාගේ නම සඳහන්ව තිබීම
4. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා වෙනුවෙන් සහභාගි වීමට සූදානම්ව සිටි, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සභාපති සිදත් වෙත්තමුණි මහතාට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ රහස්‍ය වාර්තා සහ අනෙක් ලිපි ලේඛන ලබා දීම.
5. අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කමිටු රැස්වීමට පෙර අන්තර්ජාතික කි‍්‍රකට් සභාව හෝ එහි පාලන කමිටුව සැලකිල්ල යොමු කළ කිසිම කරුණක් සම්බන්ධයෙන් මොනම ආකාරයකින් හෝ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුම්වත් කර නොතිබීම
2014 විස්සයි විස්ස ලෝක කුසලාන සහ 2015 ලෝක කුසලාන සඳහා මුදල් බෙදාහැරීම යටතේ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නිත්‍යානුකූලව ලැබිය යුතු සහ ගෙවිය යුතු මුදල් ‘අත්හිටුවීමට’ හදිසියේ ගත්තේයැයි සඳහන් තීරණය ගැන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පුදුමයට පත් වේ. අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශ‍්‍රී ලංකාව ක‍්‍රිකට් ආයතනයට නිත්‍යානුකූලව ලැබිය යුතු සහ ගෙවිය යුතු මෙම මුදල් ලබා දිය යුතුව තිබුණේ අතුරු කමිටුව පත් කිරීමට බොහෝ කලකට පෙරය. වැඩි දුරටත් කරුණු දක්වන්නේ නම්, මෙම මුදල් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ශ‍්‍රී ලංකාවට ගෙවිය යුතු වන්නේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ කළමනාකාරිත්වය සිදු කරන්නේ කවුරුන්ද යන්න නොසලකාය.
පසුගිය තරග වෙනුවෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට නිත්‍යානුකූලව හිමි විය යුතු මෙම මුදල් ‘රඳවා ’ ගැනීමට ගනු ලැබුවායැයි සැලකෙන මෙම තීරණය ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අතර ඇති කර ගත් ගිවිසුම් උල්ලංඝනය කිරීමක් හා නිත්‍යානුකූල අධිකාරියක් නොමැතිව කරන ලද්දක් බවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කනගාටුවෙන් සඳහන් කරයි. එමනිසා එම මුදල් අප‍්‍රමාදව ගෙවන ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවෙන් ඉල්ලා සිටී.
නිත්‍යානුකූලව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට හිමි සහ ගෙවිය යුතු මෙම මුදල් හිතුවක්කාර සහ නීති විරෝධීව රඳවා ගැනීම ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් ක‍්‍රීඩාවට බරපතළ හානියක් බවද සිහි කරනු කැමැත්තෙමි. ඡුන්ද විමසීමක් පවත්වන තෙක් අතුරු කමිටුවක් පත් කිරීමේ අවශ්‍යතාවය ගැන පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ඉල්ලා ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යැවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව කටයුතු කරන බව එම මාධ්‍ය නිවේදනයෙන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැන ගන්නට ලැබිණ. එහෙත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී ඇති ආකාරයට, එවැනි කිසිම ලිපියක්, මේ වන තෙක් ක‍්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නැත.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව මෑතකදී ගෙන ඇති තීරණය ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව බරපතළ ආකාරයෙන් අනතුරට පත් කරවන නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට සිය වැඩ සටහන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට අවශ්‍ය කුමන හෝ තොරතුරක් වහාම ලබා ගන්නා ලෙස ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඉල්ලා සිටී.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සමග ‘හවුල්’ වී ඇතැයි ශ‍්‍රී ලංකාණ්ඩුවේ ක‍්‍රීඩා ඇමතිවරයා සඳහන් කර ඇති බව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පුවත් පත් නිවේදනයේ සඳහන්ව ඇති බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දැන ගන්නට ලැබිණ. ඒ පිළිබඳව අප විසින් කරන ලද විමසීමක දී ක‍්‍රීඩා ඇමතිවරයා අන්තර්ජාතික කි‍්‍රකට් සභාව සම්බන්ධයෙන් එවැනි චෝදනාවක් නොකළ බව දැන ගන්නට ලැබිණ. අන්තර්ජාතික කි‍්‍රකට් සභාව පුවත් පත් නිවේදනයක් නිකුත් කිරීමට පෙර එවැනි ප‍්‍රකාශයක නිරවද්‍යතාවය ගැන විමසීමක් කිරීමට උනන්දු නොවීම ගැනද කී‍්‍රඩා ඇමතිවරයා සිය කණගාටුව පළ කරයි.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාව නිකුත් කළ පුවත් පත් නිවේදනයේ පහත සඳහන් ෙඡ්දය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කමිටු රැස්වීමේදී ඇත්ත වශයෙන්ම සිදු වූ දේ පිළිබඳව නොමග යවන සුළු ප‍්‍රකාශයක්යැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කමිටු රැස්වීමට සහභාගි වීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විසින් නිසි පරිදි බලය පවරන ලද නුස්කි මොහොමඞ් මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට දන්වා තිබේ.
එම ඡේදය මෙසේය
”කමිටුව විසින් තීරණයක් ගනු ලැබ තිබුණද, අතුරු කමිටුවේ නියෝජිත නුස්කි මොහොමඞ් මහතාට අතුරු කමිටුවේ තත්වය ගැන තොරතුරු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දුන්නේය. ඉන් පසුව ඔහුට ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් ක‍්‍රීඩාව වෙනුවෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පාලක මණ්ඩලයේ රැස්වීමට නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගිවීමට ආරාධනයක් කෙරිණ. එහෙත් අවාසනාවකට මෙන් නුස්කි මොහොමඞ් මහතා එම කොන්දේසිය යටතේ රැස්වීමට සහභාගිවීම ප‍්‍රතික්ෂේප කළ නිසා රැස්වීමේ ශ‍්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනයක් තිබුණේ නැත.”
අදාළ ඡේදය නිමාවෙයි
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සභාපති එන්. සිරිනිවාසන් මහතාගේ ඉල්ලීම පරිදි, අපේ‍්‍රල් 14 වැනි දා තමා පොදු උපදේශක සහ සමාගම් ලේකම් ඉයන් හිගින්ස් මහතා හමු වූ බව නුස්කි මොහොමඞ් මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට වාර්තා කර ඇත. එහිදී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ තත්වය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් අදාළ ලේඛන පවා බාර දී තිබේ. ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය 2015 අපේ‍්‍රල් 02 වැනි දින අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට යවන ලද ලිපිය ගැනද මොහොමඞ් මහතා සඳහන් කර ඇත. එහෙත් ඉන් පසුව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කමිටු රැස්වීමට මොහොමඞ් මහතා සභාගිවීම සම්බන්ධයෙන් කිසිවෙකු මොහොමඞ් මහතා දැනුම්වත් කර නැත.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයෙක් වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නිසි බලය ලත් නියෝජිතයා ලෙස 16 වැනි දා උදෑසන මොහොමඞ් මහතා අන්කර්ජාතික කි‍්‍රකට් සභාවේ කමිටු රැස්වීමට සහභාගි වීමට ගියේය. රැස්වීම ආරම්භවීමට පෙර ඔහුට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ආචාර ධර්ම මාලාවේ පිටපතක් දී එය අත්සන් කිරීමට පවසා ඇත. අනතුරුව සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතා පාලක මණ්ඩලයේ රැස්වීම කැඳවා නියෝජිතයන් පිළිගැනීමේ කතාව පැවැත්වූයේය. එහිදී සභාපති වරයා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙනුවෙන් නුස්කි මොහොමඞ් මහතා රැුස්වීමට සහභාගි වන බවත් මෙම රැස්වීමේ දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට අදාළව පරිපාලන කරුණු සාකච්ඡා කිරීමට නියමිත නිසා ඔහු ‘නිරීක්ෂකයෙකු’ වශයෙන් සහභාගි විය යුතු බවත්ය.
සභාපති වරයාගේ ස්ථාවරයට විරුද්ධ වූ මොහොමඞ් මහතා තමා මෙම සභාවේ පූර්ණ සාමාජිකයෙක් වන ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නියෝජනය කරන අතර ‘නිරීක්ෂයෙක්’ වශයෙන් සහභාගි වීමෙන් ඊට අවමානයක් කිරීමට සූදානම් නැතැයි පෙන්වා දී තිබේ. සභාපති වරයාට අවශ්‍යනම් පාලනය පිළිබඳ ඕනෑම කරුණක් ගැන සාකච්ඡා කරන්නැයි ඔහු ඉල්ලීමක් ද ඉදිරිපත් කර ඇත.
ඉන්පසු සභාපතිවරයා මෙම කරුණ ගැන පාලක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයන් සමග සාකච්ඡා කිරීමට මඳ වේලාවකට රැස්වීමෙන් බැහැර වන ලෙස මොහාමඞ් මහතාගෙන් ඉල්ලීමක් කෙළේය. පාලන කමිටුවේ සභාපති නස්මුල් හසන් මහතාත්, සාමාජිකයන් වන ඉම්රාන් කවාජා සහ ඉයන් හිගින්ස් යන මහත්වරු මෙම සාකච්ඡුාවට සහභාගි වූහ. අනතුරුව නියෝජිත කණ්ඩායමේ සභාපති ජයිල්ස් ක්ලාක් මහතා, මොහොමඞ් මහතා හමුව ඔහුට නිරීක්ෂකයකු වශයෙන් සහභාගිවන ලෙස ඉල්ලීමක් කර ඇත. නිරීක්ෂක තත්වය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළ මොහොමඞ් මහතා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ පූර්ණ සාමාජිකයෙක් වන නිසා රැස්වීමට සහභාගිවිමට හිමිකමක් ඇති බව පෙන්වා දී ඇත.
පාලක මණ්ඩලයේ රැස්වීමට නිරීක්ෂකයෙකු වශයෙන් සහභාගිවීම පිළිබඳව තමාට පූර්ව දැනුම් දීමක් කර නොමැති බවත් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සමග හුවමාරු වී ඇති ලිපිවලින් තහවුරු වන ආකාරයට තමා නිසි බලය ලත් නියෝජිතයකු බව පිළිගෙන ඇතැයි යන හැඟීමක් පැවැති බවත් මොහොමඞ් මහතා පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ගෙනහැර දැක්විය හැක්කේ මෙලෙසිනි. අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ව්‍යවස්ථාවට අනුව ‘නිරීක්ෂකයෙකු’ වශයෙන් රැස්වීමකට සහභාගිවීමේඉඩක් පූර්ණ සාමාජිකයෙකුට නැති බවද පෙන්වා දෙනු කැමැත්තෙමි.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය ඉහත සඳහන් කරුණු ගෙන හැර දැක්වූයේ ඒවා වාර්තා කර තැබීම සඳහාය.
ශ‍්‍රී ලංකාවේ ජනතාව සහ ජනමාධ්‍ය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ මාධ්‍ය නිවේදනය ගැන විමසීම් ගණනාවක් කර ඇති නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය මෙම ලිපිය කරුණු පැහැදිලි කිරීමක් වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කිරීමටද අදහස් කරයි.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සහ අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අතර දශක ගණනාවක් පුරා පැවති අගනා සම්බන්ධතාව සැලකිල්ලට ගෙන මෙම කාරණය සියලූ පාර්ශ්වයන් සෑහීමකට පත්වන ආකාරයට මිත‍්‍රශීලී සහ කඩිනම් විසඳුමක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව ලබා දෙනු ඇතැයි ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය විශ්වාස කරයි.
මීට, විශ්වාසී,
අත්සන් කළේ
(ඈෂ්ලි ද සිල්වා)
ප‍්‍රධාන විධායක නිලධාරි
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය
පිටපත්: එන්. සිරිනිවාසන් මහතා - සභාපති, අන්තර්ජාතික කි‍්‍රකට් සභාව
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ සියලූම අධ්‍යක්‍ෂවරුන් වෙත
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ සියලූම සාමාජිකයන් වෙත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.