අන්තර් ජාතික කි‍්‍රකට් සභාව විසින් සංවිධානය කරනු ලබන කාන්තා කි‍්‍රකට් ශූරතාවලියේ අවසන් තරගාවලිය ලෙස ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන එක්දින ජත්‍යන්තර කි‍්‍රකට් තරගාවලිය හෙට (15 වැනිදා) කොළඹදී ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය හෙට කොළඹ එස්. එස්. සී. කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
මෙම තරගාවලිය එක්දින තරග 4 කින් සමන්විත වන අතර එහි පළමු සහ දෙවැනි (17 වැනිදා) තරග කොළඹ එස්. එස්. සී. කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී, තෙවැනි (19 වැනිදා) සහ සිව්වැනි (21 වැනිදා) තරග කොළඹ එන්. සී. සී. කී‍්‍රඩාංගණයේදීද පැවැත්වීමට නියමිතය. මෙහි පළමු තරග තුන කාන්තා කි‍්‍රකට් ශූරතාවලියට අයත් වුවත් අවසන් තරගය ඊට අයත් නොවේ.
අන්තර් ජාතික කි‍්‍රකට් සභාවේ කාන්තා ශූරතාවලිය, 2017 වසරේදී එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක්ද වේ.
මෙම ශූරතාවලිය යටතේ මින් පෙර පැවැති තරගාවලි වලදී ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානයද, බටහිර ඉන්දීය කොදෙව් පිල සහ නවසීලන්තයද, එංගලන්තය සහ ඉන්දියාවද තරග වැදිණ.
එම තරගාවලි වලදී එක් එක් කණ්ඩායම් ලබාගත් ප‍්‍රසාද ලකුණු වලට අනුව පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත්වී තිබේ. ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වල රැදී සිටිති.
ශ්‍රී ලංකා කාන්තා පිල මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ 6 වැනි ස්ථානයේ පසුවන අතර දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන තරගාවලියෙන් පසුව එම ස්ථානය වෙනස් වීමටද ඉඩ ඇත.
ශ්‍රී ලංකා කාන්තා පිල -
චමරි අතපත්තු (නායිකා), සඳුනි අබේවික‍්‍රම, අමා කාංචනා, ඒෂානි ලොකුසූරිය, ඉමල්කා මෙන්ඩිස්, හෂිනි පෙරේරා, උදේෂිකා ප‍්‍රබෝධනි, ඉනෝකා රණවීර, මධුරි සමුදිකා, අනුෂ්කා සංජීවනී, නිලක්ෂි සිල්වා, ශෂිකලා සිරිවර්ධන, ප‍්‍රසාදිනී වීරක්කෝඩි සහ ශ්‍රීපාලි වීරක්කෝඩි
දකුණු අපි‍්‍රකානු කාන්තා පිල -
මිග්නන් ඩුපීස් (නායිකා), බර්නඞීන් බිසුයිඩෙන්හොවු, ටී‍්‍රෂා චෙට්ටි, මොසෙලීන් ඩැනියෙල්ස්, යොලනී ෆොවුරි, ශබ්නිම් ඉස්මයිල්, මරිසානී කේප්, අයබොන්ගා ඛාකා, ලිසේලී ලී, මර්සියා ලෙට්සොආලෝ, නඞීන් මූඩිලි, ඇන්ඩි‍්‍ර ස්ටේන්, කෝල් ට‍්‍රයොන් සහ ඬේන් වැන් නීකර්ක්
| කණ්ඩායම | තරග | ජය | පරාජය | විසදුමක් නැති | ප්‍රසාද ලකුණු | දළ ලකුණු වේගය |
| බටහිර ඉන්දීය කොදෙව් පිල | 3 | 3 | 0 | 0 | 6 | 1.712 |
| ඕස්ට්‍රේලියාව | 3 | 3 | 0 | 0 | 6 | 1.357 |
| එංගලන්තය | 3 | 2 | 0 | 1 | 4 | 0.686 |
| ඉන්දියාව | 3 | 0 | 2 | 1 | 1 | -0.686 |
| දකුණු අප්‍රිකාව | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| ශ්‍රී ලංකාව | 0 | 0 | 0 | 0 | 0 | 0 |
| පාකිස්තානය | 3 | 0 | 3 | 0 | 0 | -1.357 |
| නවසීලන්තය | 3 | 0 | 3 | 0 | 0 | -1.712 |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.