Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාම් ද අල්විස් සමුගනී

ශාම් ද අල්විස් සමුගනී

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 30 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දක්‍ෂ බොක්සිං කී‍්‍රඩකයකු මෙන්ම කී‍්‍රඩාව පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවෙමින් බොහෝ අවස්ථාවන්හිදී කී‍්‍රඩා පිළිබඳව පුවත් පත් සහ සගරාවන්ට ලියමින් අදහස් දැක්වූ ශාම් ද අල්විස් මහතා අභාවප‍්‍රාප්ත විය.

වෘත්තීය වශයෙන් මාධ්‍යවේදියකු නොවුණ නමුත් කී‍්‍රඩා පිළිබඳව ඉංගී‍්‍රසි භාෂාවෙන් පුවත් පත් සහ සගරාවන්ට ලිපි සැපයූ ශාම් ද අල්විස් මහතා 1954 සහ 1955 වසර වලදී ෂෙල් ආයතන බොක්සිං කණ්ඩායමේ නායකත්වය දරමින් ‘පින්’ බරපන්තියේ සහ ‘ෆ්ලයි’ බර පන්තියේදී වෙළෙඳ සේවා ශූරතා දිනාගැනීමට සමත් විය.

හෙතෙම වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එංගලන්තය බලා ගිය අතර එහිදීද බොක්සිං කී‍්‍රඩාවේ නිරත විය. මිය යන විට 80 වැනි වියේ සිටි ශාම් ද අල්විස් මහතා ලොරෙටා ද අල්විස් මහත්මියගේ ආදරණීය සැමියා වන අතර සිවුදරු පියෙකි.

 


අදහස් (1)

ශාම් ද අල්විස් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.