ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවූ වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන සය සාමාජික ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. අනු ශූරතාව ඉසිපතන විදුහලට හිමිවිය.
මෙම තරගාවලිය පාසල් 13 ක සහභාගිත්වයෙන් පසුගියදා කොළඹ තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශාන්ත පීතර විදුහල් පිල අවසන් මහ තරගයේදී ලකුණු 16 කින් ඉසිපතන විදුහල පරාජය කළේය.
ශාන්ත පීතර විදුහලේ දිනිත් තිමෝද්‍ය තරගාවලියේ වීරයා, අවසන් තරගයේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු යන සම්මාන තුනම දිනා ගැනීමට සමත් විය. ශාන්ත පීතර විදුහලේ තනීෂ වීරකෝන් දක්‍ෂතම පන්දු යවන්නා සම්මාන ලැබීය.
ශාන්ත පීතර විදුහල ඕවර 5 කදී කඩුලූ 3 ට 57
(දිනිත් තිමෝද්‍ය 41)
ශාන්ත තෝමස් විදුහල ඕවර 5 කදී කඩුලූ 5 ට 41
(නිපුන ගමගේ 18, විනූ මොහොට්ටි 10/2, තනීෂ වීරකෝන් 3/2)
ශූරතාව දිනූ ශාන්ත පීතර විදුහල් කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.