අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ සී.ඩබලිව්.ඩබ්ලිව්. කන්නංගර විදුහල අතර ශාන්ත ජෝෂප් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
එහිදී ශෙවෝන් ඩැනියෙල් (90) සහ නදීෂ් ජයවර්ධන (නොදැවී 54) ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම යෙවින් අතුකෝරල ලකුණු 28 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සී.ඩබලිව්.ඩබ්ලිව්. කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී සියලු දෙනා දැවී 88
(තීක්ෂණ පෙරේරා 26, යෙවින් අතුකෝරල 28/4, ජේඞ්න් මාකලන්ද 14/2, ඉසිර තේනුර 16/2)
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 37 කදී කඩුලු 3 ක් දැවී 216
(ශෙවෝන් ඩැනියෙල් 90, නදීෂ් ජයවර්ධන නොදැවී 54, විමුක්ති දේෂාන් 46, හේෂාන් චානක 84/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.