Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පූජ්‍ය බැසිල් වීරතුංග පියතුම පලිහ වෙනුවෙන් 65 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික රග්බි තරගය හෙට (22 වැනිදා) කොළඹ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩාංගණයේදී පස්වරු 4.15 සිට පැවැත්වේ.
ගිහාන් යටවර මහතා මෙම තරගයේ ප්‍රධාන විනිසුරුවරයා ලෙස කටයුතු කරනු ඇත.
මෙවර තරගයේදී ශාන්ත පීතර විදුහල් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම විෂේන්ක සිල්වාට පැවරී ඇති අතර ජනිත් මාරසිංහ විසින් ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේ නායකත්වය දරනු ලබයි. එමිත් ජයවීර ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේත්, බීෂ්ම ජයසේකර ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායමේත් උප නායකයන් ලෙස නම් කර තිබේ.
සනත් මාටින්ස් මහතා ශාන්ත පීතර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසත්, රජීව් පෙරේරා මහතා සහාය පුහුණුකරුවා ලෙසත් කටයුතු කරන අතර දුලාංජන විජේසිංහ මහතා ශාන්ත ජෝෂප් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසත්, ලකල පෙරේරා මහතා සහාය පුහුණුකරුවා ලෙසත් කටයුතු කරති.
දෙවිදුහල් අතර මෙතෙක් පැවැති තරගාවලි 64 න් 44 ක්ම ජය ගැනීමට ශාන්ත පීතර විදුහල සමත්ව ඇති අතර ශාන්ත ජෝෂප් විදුහලට ජය ගැනීමට හැකිව ඇත්තේ තරග 15 ක් පමණි. තරග 5 ජය පැරදුමකින් තොව නිමාවට පත්ව තිබේ. ශාන්ත පීතර විදුහල ඉකුත් වසරේදීද (2024), ශාන්ත ජෝෂප් විදුහල 2018 වසරේදීද සිය අවසන් ජයග්‍රහණ වාර්තා කර ඇත.
ඇක්‍රොන් සමාගමේ ප්‍රධාන අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලියේ සෙසු අනුග්‍රාහකයන් ලෙස අලියන්ස් සමාගම, ප්‍රීමා සමාගම සහ ජෙට්වින් හෝටල් ජාලය කටයුතු කරයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.