අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කොටසේ තරගයෙන් කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ තමිඳු නිවර්ථන ලකුණු 56 කට කඩුලු 8 ක් දවාගත්තේය.
ඩඞ්ලි සේනානායක මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 96
(සිතුම් වික්‍රමසිංහ 29, තවිඳු නිවර්ථන 19/4, ප්‍රවීන් සඳමාල් 19/3, සුමුදු උදාර 07/2)
ශාන්ත ජෝන් විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 190
(අෂාන් දිල්හාර 47, රෙෂාන් මලිත් 49, ප්‍රවීන් සඳමාල් 27, තමිඳු නිවර්ථන 20, එල්.එම්. දැදිගම 51/4, ඩී.ආර්.ආර්. මල්ෂාන් 28/2)
ඩඞ්ලි සේනානායක මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 97
(එස්.ටී. කුමාර නොදැවී 24, තමිඳු නිවර්ථන 37/4, සසිත මනුප්‍රිය 37/4, ප්‍රවීන් සඳමාල් 17/2)
ශාන්ත ජෝන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 0.3 කදී කිසිවකු නොදැවී 05
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.